ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී වෙතින් 1:10 බැගින් කොටස් අතුරුබෙදීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගම ((LMF.N0000) මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව කොටස් අතුරු බෙදීමක් හරහා මෙම කොටස් ඉහළ නංවා ගැනීම සැලසුම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි 1ක් කොටසක්ම තවත් කොටස් 10ක් (1:10ක්) වන ලෙස කොටස් අතුරු බෙදීමට තීරණය කෙරී තිබේ.

සමාගමට අනුව දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 39,998,000 කි. මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම එය සාමාන්‍ය කොටස්  399,980,000ක් දක්වා ඉහළ යයි.

මෙලෙස සමාගමෙහි කොටස් අතුරු බෙදීම සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති බවත්, එය මීළගට පැවැත්වෙන සමාගමේ විශේෂිත මහා සභාරැස්වීමකදී ගනු ඇති බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙත වෙනසක්සිදු නොවනු ඇති බවත්, එය දැනට පවතින රුපියල් 999,950,000.00ක මට්ටමේම පවතිනු ඇති බවත් සඳහන් වෙයි.

ඊයේ (14දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 185.00 ක් ලෙස සටහන්ව තිබුණි.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතාට අයත් ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගමෙහි කොටස්හිමිකාරීත්වයෙන් 33.57%ක් මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට් (සිලෝන්) (පෞද්) සමාගම වෙත හිමිව තිබේ. එසේම තවත් 32.09%ක් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී වෙත හිමිව ඇත.

Visits: 93