මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී කොටසකට රුපියල් 4.27 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම (MELS.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.27ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 04 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 14 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ පසුගිය සිකුරාදා දිනයේදී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 78.50ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 78.20ට සාපේක්ෂව ශත 30ක එනම් 0.38%ක ඉහළ යාමකි.

Visits: 60