නෙළුම් කුළුණේ සිමෙන්ති සහකරු INSEE එහි නිල ප්‍රවේශපත්‍ර අනුග්‍රාහකයාත් වෙයි
මෑතක දී විවෘත කරන ලද නෙළුම් කුළුණ ඇතුළුව ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති සඳහා සිමෙන්ති සහකරු වන INSEE සිමෙන්ති සමාගම ඒ පිළිබඳව සාඩම්බරයෙන් සිහිපත් කරයි.
එසේම INSEE සිමෙන්ති සමාගම, නෙළුම් කුළුණ පරිශ්‍රයේ නිල ප්‍රවේශපත් අනුග්‍රාහකයා ලෙසින් ද එම ව්‍යාපෘතියට දායක වූ බවත් පවසයි.
මේ අතර නෙළුම් කුලුණ විවෘත කර පළමු දින 20 ඇතුළතදී රුපියල් මිලියන 72ක ආදායමක් රැස්කරගැනීමට හැකියාව ලැබී ඇතැයි නෙළුම් කුලුණ පෞද්ගලික සමාගම පසුගියදා පවසා තිබුණි.

Hits: 66