LOCH හා LOFC ඒකාබද්ධ කිරීමක් ගැන පළවන සටහන අසත්‍යයක්ලු

LOLC සමූහයට අයත් ලැයිස්තුගත සමාගමක් වන LOLC Ceylon Holdings PLC (LOCH) සම්බන්ධනේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම සමූහය පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතා වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව පවසා සිටියි.

මෙලෙස ප්‍රචාරය කෙරෙන සටහනට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් LOLC Ceylon Holdings PLC සමාගම සහ LOLC Finance PLC (LOFC) සමාගම් දෙක ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව පවසන LOLC සමූහය, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් පවසයි.

එසේම මෙලෙස සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කෙරෙන මෙම සමාගම් නිවේදනය ව්‍යාජව සකස් කරවූවක් වනබවත්, එවැනි නිවේදනයක් සිය සමාගම මගින් නිකුත් කර නොමැති බවත් LOLC සමූහය පවසයි.

LOLC සමූහය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිය මූල්‍ය සමාගම් ලෙස මෙහෙයුම් සිදුකළ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් ඒකාබද්ධ කරමින් නව LOLC Ceylon Holdings PLC ස්ථාපිත කෙරිණි. එසේම LOLC Finance PLC සමාගමෙහි කොටස් බිලියන 2.4ක්ද ඒ සඳහා යෙදවුණි. මෙහිදී LOCH සඳහා යෙදවුණු එම සමාගම්හි සමස්ත කොටස් ප්‍රමාණය කොටස් බිලියන 8.8ක් විය.

Visits: 281

Leave a Reply

Your email address will not be published. Required fields are marked *