ලංකා ටයිල්ස් කොටසකට රුපියල් 2.20ක් බැගින් ලාභාංශ ගෙවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා ටයිල්ස් පීඑල්සී (TILE.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.20 ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2021මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කරන ලාභාංශ බවත්, එය තෙවැනි අතරමැදි ලාභාංශ ලෙස හැඳින්වෙන බවත් සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 08 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදුවූ පසුගිය සිකුරාදා (28දා) දිනයේදී ලංකා ටයිල්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 52.30ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය අඟහරුවාදා (25දා) කොටසක් සඳහා වාර්තා කළ රුපියල් 50.00 ට සාපේක්ෂව රුපියල් 2.30ක එනම් 4.60% ක ඉහළ යාමකි.

ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදීද ලාභාංශ ගෙවීමක් නිවේදනය කළ අතර, 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වූ දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම වූ එහිදී කොටසක් සඳහා රුපියල් 12.30 බැගින් ගෙවීම සිදු විය.

Visits: 156

Leave a Reply

Your email address will not be published. Required fields are marked *