හැරී ජයවර්ධන කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක
මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා පසුගියදා කොළඹ වරාය නගරයෙහි (පෝර්ට් සිටියේ) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බව වාර්තා වෙයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකාර රාජා එදිරිසූරිය මහතා සමගින් මෙම චාරිකාවට එක්ව ඇති හැරී ජයවර්ධන මහතා එහි ව්‍යාපෘති සංවර්ධන භූමි නිරීක්ෂණයේ නිරත වූ බව පැවසෙයි.
විශේෂයෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ එහි බලපෑම සම්බන්ධයෙන් හැරී ජයවර්ධන මහතා මෙහිදී විමසා බලා ඇතැයිද කොළඹ වරාය නගරය සඳහන් කරයි.



Hits: 624