සඳමිනි රුක්මාල් ප්‍රයිම් ෆිනෑන්ස් වෙතට සමුදෙයි

සඳමිනි රුක්මාල් ප්‍රයිම් ෆිනෑන්ස් වෙතට සමුදෙයි

ප්‍රයිම් සමූහයට අයත් ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ සඳමිනි රුක්මාල් පෙරේරා මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම සඳහන් කරයි.

2020 මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  මෙම ඉවත්වීම සිදුව තිබේ. ඇය ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්ව යන අවස්ථාව වන විට ඇය සතුව ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් 110,000ක ප්‍රමාණයක් පැවැති බවත් එම සමාගම පවසා සිටියි.

මීට පෙර Summit Finance ලෙසින් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ආයතනයේ 75.5%ක කොටස් ප්‍රමාණයක් ප්‍රයිම් සමූහය විසින් 2017 වසරේදී මිලදී ගැනීමත් සමගින්ම එය ප්‍රයිම් ෆිනෑන්ස් බවට පත්විය. මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල්  මිලියන 510ක් විය. මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන ප්‍රයිම් ෆිනෑන්ස් අද වන විට කොටස් වෙළෙඳ පොළෙහිද ලැයිස්තුගත සමාගමක් බවට පත්ව තිබේ.

එම අවස්ථාවේදී ප්‍රයිම් සමූහයේ නියෝජ්‍ය සභාපතිනිය ලෙස කටයුතු කළ සඳමිනි පෙරේරා මහත්මිය ප්‍රයිම් ෆිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වීම් ලැබුවාය.

ඇය 2014-2015 වසර සඳහා පැවැත්වුණු ශ්‍රී ලංකාවේ කළමනාකරණ අංශයේ නියුතු කාන්තාවන් සඳහා පිරිනැමෙන වෘත්තීය සහ අභිවෘත්තීය පිළිබඳ කාන්තා සම්මානයෙන් විශාල කාණ්ඩය යටතේ “හොඳම කාන්තා ව්‍යවසායිකාව බවටද පත්වූවාය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකාවකද වන සඳමිනි පෙරේරා මහත්මිය මැලේසියාවේ Asia e-University මගින් ක්‍රමෝපායික අලෙවිකරණය පිළිබඳව උපාධියක්ද  හිමි කරගෙන ඇත.

සඳමිනි පෙරේරා මහත්මිය ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී අමතරව, ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් රෙසිඩන්සීස්හිද උප සභාපති ධුරය දරයි.

Visits: 452

Leave a Reply

Your email address will not be published. Required fields are marked *