සංචාරක හෝටල් කාමර 550ක් විලා 400ක් ඉදිකිරීමට විදේශ ආයෝජන

සංචාරක හෝටල් කාමර 550ක් විලා 400ක් ඉදිකිරීමට විදේශ ආයෝජන

මේ වසර තුළදී සංචාරක ක්ෂේත්‍රය සඳහා නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 122ක ඍජු විදේශ ආයෝජන ඉලක්කයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අත්පත් කර ගැනීම අපේක්ෂාව වී තිබේ.

අමාත්‍යවරයා පවසන ආකාරයට වත්මන් රජය පත්වීමෙන් අනතුරුව මේ දක්වා රුපියල් මිලියන 66,250ක අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කිහිපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත්ව තිබේ. එහි වටිනාකම දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 370 කි. 

කාමර 550ක් සහ විලා 400ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතව තිබේ. මෙම ව්‍යාපෘති සඳහා අදාළ අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මීට අමතරව සංචාරක ක්ෂේත්‍රයට අදාළ තවත් නව ආයෝජන දෙකක් සම්බන්ධයෙන්ද මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව පවසන අමාත්‍යාංශය එම ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 4.1ක් බවත් පවසයි. මෙහිදී දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන ඇත. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනවලට රජය වැඩි අවධානයක් යොමු කරන බවද සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් පවසයි.  

Visits: 56

Leave a Reply

Your email address will not be published. Required fields are marked *