මෙරට ධාන්‍ය සුරක්ෂිතතාවට පැක්මෝ ජෙනරල් ට්‍රේඩින් එක්වෙයි

මෙරට ධාන්‍ය සුරක්ෂිතතාවට පැක්මෝ ජෙනරල් ට්‍රේඩින් එක්වෙයි

රජයේ ධාන්‍ය ගබඩා තුළ ගබඩා කෙරෙන ධාන්‍ය වියළීම සදහා යන්ත්‍ර 2,500ක් ලබා දීමේ පළමු අදියර පසුගියදා අනුරාධපුරය උපුල්දෙනිය ගබඩාවෙන් ආරම්භ කෙරුණු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අනුරාධපුරය උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට පැය 06කදී එකවර ධාන්‍ය කිලෝ 6,000ක් වියළිය හැකි යන්ත්‍රයක් ලබා දීම එම ගබඩා පරිශ්‍රයේදී සිදුව තිබේ. එම අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය වී ඇත. 

පැක්මෝ ජෙනරල් ට්‍රේඩින් පෞද්ගලික සමාගමේ මැදිහත්වීම යටතේ මෙම පහසුකම් ලබාදීමට කටයුතු යෙදී ඇත. එහිදි නියමු ව්‍යාපෘතියක් ලෙස උපුල්දෙනිය ගබඩාවට ඉහත යන්ත්‍රය ලබා දී ඇති අතර, ඉදිරි මාසය තුළ තවත් යන්ත්‍ර 24ක් රජයේ ධාන්‍ය ගබඩා තුළ සවි කිරීම සැලසුම වී තිබේ. 

මෙම ව්‍යාපෘතිය මගින් කෘෂි ව්‍යවසායකයාගේ ආර්ථිකය නගා සිටුවීමට හැකි බවත්, ගබඩා පහසුකම් නොමැති වීමෙන් අස්වනු නෙලාගත් විගස ඒවා අතරමැදියන්ට විකිණීමට සිදුවන තත්ත්වයෙන් ඔවුන්ට මිදීමට හැකි වන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි.මෙම අවස්ථාවට පැක්මෝ ජෙනරල් ට්‍රේඩින් පුද්ගලික සමාගමේ සභාපති දුලත් විජේතිලක මහතාද සහභාගි වී ඇත.

Visits: 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *