යුනියන් බැංකුව 25 වැනි සංවත්සරය සැමරීමට කොටස් වෙළෙඳ පොළ සීනුව නාද කරයි

යුනියන් බැංකුව 25 වැනි සංවත්සරය සැමරීමට කොටස් වෙළෙඳ පොළ සීනුව නාද කරයි

යුනියන් බැංකුව 2020 වසරට යෙදී ඇති සිය 25 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් අද පෙරවරුවේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරමිභ කිරීම සඳහා වන සීනුව නාද කිරීම සඳහා සම්බන්ධවී තිබේ. මෙහිදී යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා අතින් එම සීනුව නාද කෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුනියන් බැංකුවේ ප්‍රධාන නිලධාරීන් මෙන්ම කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතාද සහභාගි වී සිටියහ.

1995 වසරේදී මෙරට අටවැනි දේශීය බැංකුව ලෙස යුනියන් බැංකුව මෙහෙයුම් අරඹා තිබේ. ගෙවුණු කාලසීමාව තුළදී බැංකුව මගින් පෞද්ගලික මෙන්ම වාණිජ මූල්‍ය අංශ වෙතද සිය නිෂ්පාදන සහ සේවා ලබා දී ඇතැයි බැංකුව සඳහන් කරයි. එහිදී ඔවුන් පෞද්ගලික, සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි. 

ලංකාවේ වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැංකුව ලෙස තමන් හඳුන්වා ගන්නා යුනියන් බැංකුව, බැංකුමය විසඳුම්වලදී නිර්මාණශීලී විසඳුම් සපයන්නෙකු බවට පත් වීම සිය දැක්ම බවද පවසා සිටියි. 

මේ අතර, අද වනවිට මෙරට බැංකු කරණ ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය අතින් හොඳම බැංකු 5 අතරට පත්වීමටද යුනියන් බැංකුව සමත්ව සිටියි. එම බැංකුව සතුව ඇති ශාඛා ජාලය 67 කි. ස්වයංක්‍රීට ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 114 කි.

මේ වනවිට නැෂනල් ඇසට් මැනේජ්මන්ට් සමාගම, ශ්‍රී ලංකා ප්‍රිමියර් ඇසට් මැනේජ්මන්ට් සමාගම සහ UB ෆිනෑන්ස් සමාගම යන අනුබද්ධ සමාගම් යුනියන් බැංකු සමූහයේ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වේ.

Visits: 93

Leave a Reply

Your email address will not be published. Required fields are marked *