ආනයනික මසුන් සඳහා අයකරන බදු ඉහළ දමයි

ආනයනික මසුන් සඳහා අයකරන බදු ඉහළ දමයි

ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව මෙම බදු ඉහළ දැමීම සිදුව තිබේ.

දේශීය ධීවරයන් ආරක්ෂා කිරීම සහ ධීවර කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් ලෙස මෙලෙස ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමන බව අමාත්‍යාංශය සඳහන් කරයි. 

එහිදී ධීවරයන්ගේ ඉල්ලීම්වලට කන්දෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමකට අනුව මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.

මෙතෙක් ආනයනික මසුන් සඳහා ලබා දී තිබූ බදු සහනය අනුව මසුන් කිලෝග්‍රෑම් එකක් සඳහා 10%ක් හෝ රුපියල් 100/- ක බදු සහනයක් දීම සිදු විය. එහිදී අය කෙරුණේ රුපියල් 25ක් පමණකි. ඒ අනුව මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික මසුන්ගේ වටිනාකමින් 10%ක් හෝ කිලෝග්‍රෑම් එකකට රුපියල් 150ක් ලෙස අය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.ඒ අනුව මෙතෙක් පැවැති මසුන්ගේ බර අනුව බදු අය කරගැනීමේ ක්‍රමවේදය වෙනුවට මසුන්ගේ වටිනාකම අනුව බදු අය කරගැනීමක් සිදුවන බව පැවසෙයි.

Visits: 38

Leave a Reply

Your email address will not be published. Required fields are marked *