ශ්‍රී ලංකාවේ “වේගා” සුපිරි රථය ජීනීවාහිදී එළිදැක්වීම අද රාත්‍රියේදී

ශ්‍රී ලංකාවේ “වේගා” සුපිරි රථය ජීනීවාහිදී එළිදැක්වීම අද රාත්‍රියේදී

මෙරටදී නිෂ්පාදිත සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක Vega EVX සුපිරි මෝටර් රථය එළිදැක්වීම අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කිරීමේ අවස්ථාවක් වෙත යොමු වීමට ජිනීවා ජාත්‍යන්තර මෝටර් ප්‍රදර්ශනයේ (Geneva International Motor Show) සංවිධායකයන් කටයුතු යොදා ඇතැයි එම රථයේ නිෂ්පාදකයන් වන ශ්‍රී ලංකාවේ වේගා ඉනොවේෂන් සමාගම පවසයි.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව එහි සංවිධායකයන් විසින් පවත්වනු ලබන Virtual Press Day නම් අංගය යටතේ මෙම සජීවී විකාශය සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වේලාවෙන් අද (03දා) පස්වරු 3.45ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.15ට පමණ මෙම එළිදැක්වීම යෙදී තිබෙන බව වේගා ඉනොවේෂන් සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම Vega EVX 2020 ජිනීවා මෝටර් ෂෝ ප්‍රදර්ශනය තුළදී එළිදැක්වීම සැලසුම වී තිබූ අතර, ඒ සඳහා රථය පසුගිය මාසයේදී ස්විස්ටර්ලන්තය වෙත රැගෙන යාමද සිදුවිය. 

මාර්තු 05 වැනිදා සිට 15 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම ප්‍රදර්ශනයේ 05 වැනි ශාලාවේ ප්‍රදර්ශන කුටි අංක 5128 මෙම Vega EVX රථය ප්‍රදර්ශනයට වෙන්ව තිබුණි.

එහෙත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ස්විස්ටර්ලන්ත රජය පසුගියදා ගත් තීරණයකට අනුව පුද්ගලයන් 1,000කට වඩා වැඩි පිරිසක් ඒකරාශී වන අවස්ථාවන් සංවිධානය කිරීම අවලංගු කිරීම සිදුවිය. ඒ අනුව මෙම ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයත් අවලංගු කර දැමීමට එහි සංවිධායකයන් තීරණය කළේය. එරට රජයේ මෙම තීරණය ලබන මාර්තු 15 දක්වා ක්‍රියාත්මක වෙයි.

https://www.gimsvirtualpressday.ch/?utm_campaign=9414697&utm_content=53856571456&utm_medium=email&utm_source=SmartFocus

හරහා මෙම සජීවී විකාශය නැරඹිය හැක.

පෙර ලිපිය: ශ්‍රී ලංකාවේ වේගා රථය එළිදැක්වීමත් කොරෝනා නිසා කල්යයි

Visits: 55

Leave a Reply

Your email address will not be published. Required fields are marked *