නෙස්ටමෝල්ට් සිය සන්නාමයේ හැඩය වෙනස් කරයි

නෙස්ටමෝල්ට් සිය සන්නාමයේ හැඩය වෙනස් කරයි

නෙස්ලේ ජාත්‍යන්තර සමාගමේ මෙරට සමාගම වන නෙස්ලේ ලංකා සමාගමෙහි නිෂ්පාදනයක් වන මෝල්ට් අඩංගු ආහාරමය පානය “නෙස්ටමෝල්ට්” සිය සන්නාමයේ හැඩය වෙනස් කිරීමකට ලක් කර තිබේ. ඊට සමගාමීව නෙස්ටමෝල්ට් සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක්ද නෙස්ලේ ලංකා සමාගම මගින් ක්‍රියාත්මක කර ඇත. 

මෙතෙක් Nestomalt ලෙස පමණක් පැවති එම සන්නාමයේ හැඩය මෙවර යම් වෙනසකට ලක්කරමින් Nestomalt හි o අකුර සඳහා තිරිගු කරලක සංකේතයක් යොදා ගෙන ඇත. එසේම මෙවර සන්නාමයේ අකුරු මෝස්තරයත් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකට ලක් කර තිබේ.

නෙස්ලේ සමාගම පවසන ආකාරයට මෙම නෙස්ටමෝල්ට් පානය මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී ඇත්තේ 1964 වසරේදීය. එතැන් පටන් සෑම නිවසකම මෝල්ට් අඩංගු ආහාරමය පානයක් ලෙස එය ජනප්‍රියත්වයට පත්ව ඇතැයි එම සමාගම සඳහන් කරයි.

පළමුව ඔස්ට්‍රේලියාවේ නෙස්ලේ සමාගම තුළ සකස් කෙරුණු මෙම Nestomalt පසුව ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදී ඇත. අද වනවිට “බලය, ජවය, ශක්තිය යන තේමාව යටතේ නෙස්ලේ ලංකා සමාගම Nestomalt සන්නාමය ජනතාව අතර ප්‍රචලිත කරමින් සිටියි. 

නෙස්ලේ සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට Nestomalt නිෂ්පාදනය කරනු ලබන එකම රට වන්නේද ශ්‍රී ලංකාවයි. ඒ අනුව අද වනවිට එය ශ්‍රී ලංකාවේ සුවිශේෂී නිෂ්පාදනයක් බවටද පත්ව තිබේ. එසේම එය නෙස්ලේ ලංකා සමාගමේ මුල්පෙලේ සන්නාමයක් බවටද අද පත්ව ඇත. පිටි වශයෙන් මෙන්ම දියරමය පානයක් වශයෙන්ද නෙස්ටමෝල්ට් නිෂ්පාදන මෙරට වෙළෙඳ පොළේ ඇත.

Visits: 144

Leave a Reply

Your email address will not be published. Required fields are marked *