රිදියගම සෆාරි උද්‍යානය ආසන්නයේ NLDB අලෙවි සැලක් විවෘත කෙරේ

රිදියගම සෆාරි උද්‍යානය ආසන්නයේ NLDB අලෙවි සැලක් විවෘත කෙරේ

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස් ඉලක්ක කරගනිමින් නව NLDB අලෙවි සැලක් පසුගියදා විවෘත කෙරී ඇත. දකුණු ආසියාවේ විශාලතම ගොවිපොල ලෙස සැලකෙන රිදියගම ගොවිපොළ ආසන්නයේදී මෙම NLDB අලෙවි සැල විවෘත වී තිබේ. 

මහවැලි, කෘෂිකාර්මික, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුභසාදනය පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් මෙම අලෙවි සැල පසුගියදා විවෘත විය. 

මෙම ස්ථානයෙන් දිනකට විශාල පිරිසක් රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණෙන බැවින්, ගොවිපොළ නිෂ්පාදන සදහා වැඩි ඉල්ලුමක් ඇති නිසා මෙම අලෙවි සැල ආරම්භ කළ බව අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙම අලෙවි සැල හරහා වඩාත් සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන ජනතාවට ලබා දීමට කටයුතු යෙදීම අපේක්ෂාව වී ඇත.

Visits: 36

Leave a Reply

Your email address will not be published. Required fields are marked *