කසල ප්‍රවාහනය සඳහා මෙරට දේශීය නිෂ්පාදනයක් යොදා ගැනේ

කසල ප්‍රවාහනය සඳහා මෙරට දේශීය නිෂ්පාදනයක් යොදා ගැනේ

දේශීය නව නිපැයුම්කරුවෙකු විසින් හඳුන්වා දෙන ලද බක්කිය සහිත “කුරුම්බැට්ටියා” නම් පා පැදියක් මෙරට නාගරික ප්‍රදේශයන්හි අතුරු මාර්ගවල කැලිකසල එකතු කිරීම සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පසුගියදා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර කර ඇති අතර, එය අනුමත වී තිබේ.

කසල එකතු කිරීම සඳහා කම්පැක්ටර් රථ හෝ ට්‍රැක්ටර් රථ වලට පහසුවෙන් ළගා විය නොහැකි අතුරු මාර්ගයන්හි කැලිකසල එකතු කිරීමට මෙම පා පැදිය යොදා ගැනීම සැලසුම වී ඇත. 

සීමාසහිත නේෂන් අයි (පෞද්ගලික) සමාගම නම් දේශීය සමාගමක් මගින් මෙම කුරුම්බැට්ටියා පාපැදි නිපදවීම සිදු කරයි. පරිසර හානිය අවම මෙම කුරුම්බැට්ටියා රථයේ ඇති බක්කිය මත එක්වරකට කිලෝග්‍රෑම් 250ත් 300ත් අතර බරක් රැගෙන යා හැකි බව ගණන් බලා ඇත.

බහුකාර්ය පා පැදියක් ලෙස හැඳින්වෙන මෙම “කුරුම්බැට්ටියා” එකක මිල රුපියල් එක්ලක්ෂ අසූදහසකි. ඒ අනුව මෙම පාපැදි 10ක් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතන කිහිපයක් වෙත ලබා දීම සැලසුම වී ඇත. මේ සඳහා වැය වෙන මුදල රුපියල් ලක්ෂ 18 කි.  

එහිදී ආගමික ස්ථාන හා පෞරාණික ස්මාරක පිහිටා ඇති පළාත් පාලන ආයතන වෙත ප්‍රමුඛතාව හිමිවෙයි. එහි සාර්ථකත්වය මත අනෙකුත් පළාත් පාලන ආයතන වෙතද මෙවැනි පාපැදි ලබාදීමට යෝජනාව වී තිබේ.

Visits: 50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *