තවත් සිසුන් 5,000 කට මහපොළ ලබා දීමට යයි

තවත් සිසුන් 5,000 කට මහපොළ ලබා දීමට යයි

අද වනවිට වාර්ෂිකව විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසුන් 30,000 ක් අතරින් 15,000 කට පමණක් හිමිවන මහපොළ ශිෂ්‍යත්ව මුදල් ප්‍රදාන වැඩසටහන සිසුන් 20,000 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු යෙදීම සඳහා උසස්, අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අඩු ආදායම්ලාභී පවුල්වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් හිමි කරගන්නා සිසුන්ට හා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට මාසික මූල්‍ය ආධාරයක් ලබා දීම පිණිස මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන 1982 වසරේදී ආරම්භ කෙරී ඇත. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන “මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල” මගින් මාසිකව විශ්වවිද්‍යාල වෙත නිකුත් කිරීම සිදු කරයි.

ඒ අනුව වසරකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන් 30,000ක් අතරින් 15,000කට පමණ මෙම මහපොළ ශිෂ්‍යත්වය හිමිවෙයි. එම ප්‍රමාණය 20,000 දක්වා ඉහළ නැංවීම මෙහිදී යෝජනා වී ඇත. 

එසේම දැනට මාසිකව ගෙවනු ලබන ශිෂ්‍යත්ව අරමුදල වැඩි කිරීමටත් හැකිවන පරිදි අරමුදලේ වත්මන් වාර්ෂික අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 10.5ක මුදල 2025 වනවිට රුපියල් බිලියන 20 දක්වා වැඩි කිරීමට රජය අපේක්ෂා කරගෙන සිටියි.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *