ගොවීන් 2,000ක් අතර GMOA “හෙළ සුවය” වී ගොවිතැන ප්‍රචලිත කිරීමට යයි

ගොවීන් 2,000ක් අතර GMOA “හෙළ සුවය” වී ගොවිතැන ප්‍රචලිත කිරීමට යයි

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ (GMOA) මැදිහත්වීමෙන් “හෙළ සුවය” සංවිධානය මගින් අනුරාධපුරය රාජාංගනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඇති වස විසෙන් තොර පාරම්පරික වී වගා වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පාරම්පරික වී ප්‍රභේද යොදා ගනිමින් රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොර වී වගා වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි. 

එම වී මගින් නිපදවන සහල් සහ එම සහල් ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලබන ආහාර පරිභෝජනය මගින් බෝ නොවන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ගෙන් බහුතරය මුදවා ගත හැකි බවට නිරීක්ෂණය කරනු ලැබ ඇතැයි එම වැඩසටහන ක්‍රියාත්මක කරන “හෙළ සුවය” සංවිධානය පවසයි.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුරය රාජාංගණය ප්‍රදේශයේ ගොවීන් 2,000ක් අක්කර 10,000ක වපසරියක් තුළ “හෙළ සුවය” ගොවිතැන සඳහා යොමු කරවීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

Visits: 76

Leave a Reply

Your email address will not be published. Required fields are marked *