වසරේ අමතර දිනයට ඉලෙක්ට්‍රොනික සමාගම් දෙකක් තරගයට

වසරේ අමතර දිනයට ඉලෙක්ට්‍රොනික සමාගම් දෙකක් තරගයට

2020 වසර අධික අවුරුද්දක් වීමත් සමගින්ම ලැබී ඇති පෙබරවාරි 29 අමතර දිනය සිය අලෙවි ප්‍රවර්ධන කටයුතු සාර්ථක කරගැනීම සදහා යොදා ගැනීමට මෙරට ප්‍රධාන පෙළේ ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවි සමාගම් දෙකක් වන සිංගර් සහ අබාන්ස් කටයුතු කරමින් සිටියි.

ඒ සදහා වන ප්‍රවර්ධන කටයුතුද සමාගම් දෙකම මේ වනවිට තරගයට සිදු කරමින් සිටින ආකාරයද දැකගත හැකිය. ඒ අතරින් සිංගර් සමාගම 2 – 29 Extra Day – Extra Offer ලෙස සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 15%ක වට්ටමක් ලබා දෙන බවත් පවසයි. 

කොමර්ෂල්, HSBC, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව සහ සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ඒ අතර පවතී. එහිදී මාස 29ක කාලයකට පොලී රහිතව එම මුදල් පහසු ගෙවීමේ ක්‍රමය ලෙස සකස් කරගැනීමටද අවස්ථාව ලබා දී තිබේ. සියලුම සිංගර් ප්‍රදර්ශනාගාරවලින් මෙම අවස්ථාව හිමි වෙයි.

අබාන්ස් සමාගමද පෙබරවාරි 29 ඉලක්ක කරගනිමින් සිය තොග අවසන් කිරීමේ මහා සේල් අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. පෙබරවාරි 28 – 29 දෙදින තුළ කොළඹ 03 අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ රථගාලේදී පැවැත්වෙන මෙම භාණ්ඩ අලෙවියේදී 50%ක වට්ටමක් හිමිවන බවත් සමාගම පවසා සිටියි. එහිදී තොග සීමිත බවත් ඔවුන් සඳහන් කර සිටියි.

Visits: 102

Leave a Reply

Your email address will not be published. Required fields are marked *