පොඩි මැණිකේ දුම්රිය අද සිට අලුත් වෙයි

පොඩි මැණිකේ දුම්රිය අද සිට අලුත් වෙයි

කොළඹ සිට බදුල්ල දක්වා ක්‍රියාත්මක වන පොඩි මැණිකේ අධිවේගී දුම්රිය සදහා නවතම S14 DEMUs මාදිලියේ ඩීසල් බලවේග කට්ටලයක් යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇතැයි Economy & Business Sri Lanka වෙත වාර්තා වෙයි. 

අද (පෙබරවාරි 28) වැනිදා සිට මෙම නව එක් කිරීම සිදු වන බව එම සේවය සඳහන් කරයි. මෙතෙක් පොඩි මැණිකේ දුම්රිය සතුව පැවතියේ S12 DEMUs මාදිලියේ ඩීසල් බලවේග කට්ටලයකි. මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීද කොළඹ සිට බදුල්ල අතර දක්වා වූ දෙනුවර මැණිකේ සඳහාද මෙම නවතම S14 DEMUs දුම්රියක් යෙදවුණි.

මෙම නවතම S14 ඩීසල් බලවේග කට්ටල චීනයෙන් ආනයනය කර තිබේ. එවැනි බලවේග කට්ටල 9ක් මෙරට වෙත ඇනවුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. එම් දුම්රියක වටිනාකම ඩොලර් මිලියන 10කි. චීනයේ CRRC Sifang සමාගම නිපදවූ මෙම එක් S14 බලවේග කට්ටලයක ටොන් 74 ක බරකින් යුත් එන්ජින් දෙකක් ඇති අතර, එහි අශ්වබල 1950ක ඩීසල් එන්ජින් පිහිටුවා තිබේ. 

එසේම මෙම එන්ජින් අතර දුම්රිය පෙට්ටි හතක් පිහිටුවා ඇත. මළනොබැදෙන විශේෂිත ද්‍රව්‍ය යොදා ගනිමින් නිමවා ඇති මෙම දුම්රිය මෙරට පවතින අධික උෂ්ණත්වයට ඉහළ ඉහළ ආර්ද්‍රතාවට ඔරොත්තු දෙන බවත් පැවසෙයි. 

දිනපතා කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් සිදු කරන මෙම පොඩි මැණිකේ දුම්රිය ගමන් වාරයක් සඳහා ගත වන කාලය පැය 10කුත් විනාඩි 11 කි.

සෑම දිනකම පෙරවරු 6.00 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන අංක 1005 දරන පොඩි මැණිකේ දුම්රිය එදින පස්වරු 4.10ට බදුල්ලට ලගා වෙයි. එසේම සෑම දිනකම පෙරවරු 8.30ට පිටත්වන 1006 දරණ පොඩි මැණිකේ දුම්රිය එදින පස්වරු 6.57ට කොළඹ කොටුව වෙත ළගා වෙයි.

පළමු පන්තිය, දෙවැනි පන්තිය සහ තෙවැනි පන්තිය ලෙස එහි මගී ආසන වෙන් කෙරී ඇත. කොළඹ සිට බදුල්ල දක්වා පිහිටි දුම්රිය ස්ථාන 54කදී මෙම දුම්රිය නැවැත්වීම සිදු කරයි. මෙම දුම්රියේ උපරිම දාවන වේගය පැයට කිලෝමීටර් 120 කි. 

මෙම නවතම නවතම S14 DEMUs දුම්රිය සතුව ආසන 88 කින් වුත් පළමු පන්තියේ වායු සමනය කළ දුම්රිය මැදිරි දෙකක් පවතී. එසේම දෙවැනි පන්තියේ ආසන 96ක් සහිත මැදිරි දෙකක්ද පිහිටා ඇති අතර  ඉතිරි මැදිරි පහ තුළ තෙවැනි පන්තියේ ආසන 216 ක් පිහිටුවා ඇත. 

ඡායාරූප  –  ඉන්දිකා අබේගුණවර්ධන, ශ්‍රී ලංකා දුම්රිය සේවය

Visits: 176

Leave a Reply

Your email address will not be published. Required fields are marked *