පැවැති රජය ජීප් රියදුරන්ට දුන් ස්වභාව ධර්ම අර්ථ නිරූපණය මේ රජය යටතේත් එලෙසින්ම

පැවැති රජය ජීප් රියදුරන්ට දුන් ස්වභාව ධර්ම අර්ථ නිරූපණය මේ රජය යටතේත් එලෙසින්ම

ජාතික උද්‍යානවල ජීප් රථ රියදුරන් සඳහා පැවැත්වූ ස්වභාව ධර්ම අර්ථ නිරූපණ පුහුණුව ඉදිරියටත් අඛණ්ඩව  පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

සංචාරක සංවර්ධන අධිකාරිය, පාරිසරික සංවිධාන සම්මේලනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව පසුගිය වසරේදී මෙම පුහුණුව ආරම්භ කර තිබේ. 

මේ යටතේ මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල ජීප් රථ රියදුරන් සඳහා මෙම පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ බව අධිකාරිය සඳහන් කරයි. එහිදී රියදුරන් 1,100කට අධික පිරිසක් මේ සඳහා සම්බන්ධවී සිට ඇත.

ඒ අනුව මේ වසරේදී එම වැඩසටහන යාල ජාතික වනෝද්‍යානය තුළදී සංවිධානය කෙරෙන බව අධිකාරිය සඳහන් කරයි. 

ස්වාභාවික සත්ත්ව හා ශාක විශේෂවල වැදගත්කම සහ විශේෂයෙන් නරඹන්නන් විසින් නිරන්තරයෙන් කරනු ලබන නිෂේධාත්මක අදහස් අවම කිරීම සඳහා උද්‍යාන විනය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජීප් රථ රියදුරන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන් සැලසුම් කර ඇතැයි  පැවසෙයි.මෙහිදී එම වැඩසටහන් මෙහෙයවීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමිත් පිලපිටිය, SLAITO කමිටු සාමාජික නිෂාඩ් විජේතුංග, නෙරංජන ගුණතිලක සහ රාහුල පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කරයි.

Visits: 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *