සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට තවත් මාස 4ක සහන කාලයක්

සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට තවත් මාස 4ක සහන කාලයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතනවලින් අය කර ගන්නා සංචාරක බද්ධ ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය තවත් මාස 4කින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව එම අධිකාරිය පවසයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ සිදුවූ කඩා වැටීම නිසා පසුගිය රජය විසින් මෙම සහනය ලබාදීමට පියවර ගන්නා ලදි. එම කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වීමත් සමග සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන හිමියන් 2020 ජනවාරි 01 වැනිදා සිට සමාන වාරික මගින් මෙම සංචාරක බද්ද වසරක් තුළ ආපසු ගෙවිය යුතු විය.

එහෙත් මෙම සංචාරක ආයතනවලට අදාළ බදු ගෙවීම සඳහා නැවත සහන කාලයක් ලබා දෙන ලෙස එම හිමිකරුවන් නව රජයෙන් සිදු කළ ඉල්ලීම සලකා මෙම තීරණයට එළැඹි බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව කඩා වැටී යළිත් නැගී සිටි සංචාරක කර්මාන්තය පසුගිය දෙසැම්බර් මාසයේ සිට ඇති වූ නව කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් යළිත් අර්බුදයට ලක්ව ඇති බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

මෙම සංචාරක සංවර්ධන බද්ධ යටතේ සංචාරක හෝටල්, සංචාරකයන්ට භාණ්ඩ අලෙවි කරන සාප්පු සහ සංචාරක නියෝජිත ආයතනවල පිරිවැටුමෙන් 1%ක මුදලක් අය කරගැනීම සිදු විය. පසුගිය රජය සමයේ ගත් තීරණයට අනුව 2019 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මාස හයක කාලයක් මෙම බදු ගෙවීම පමා කිරීමේ සහනයක් හිමි විය.  එසේම වාරික 12ක් ලෙස මෙම මුදල් ආපසු ගෙවීමේ අවස්ථාවක්ද ලබා දී තිබුණි.

Visits: 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *