කෝසල සුරංග විමලසිරි The Finance හි ප්‍රධාන විධායක ධුරයට

කෝසල සුරංග විමලසිරි The Finance හි ප්‍රධාන විධායක ධුරයට

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ හිටපු වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ කෝසල සුරංග විමලසිරි මහතා, 2020 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර ඇතැයි එම සමාගම පවසයි.

ඊට අදාළ ලිපිය ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි 18 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කර ඇති අතර, මහ බැංකුව පෙබරවාරි 25 වැනිදා එම පත් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

මෙම පත්වීම සිදුවන අවස්ථාව වන විට කෝසල සුරංග විමලසිරි මහතා සතුව ද ෆිනෑන්ස් සමාගමේ සේවක කොටස් අතරින් කොටස් 2410ක හිමිකමක් පවතින බවද සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

2005 වසරේදී ද ෆිනෑන්ස් සමාගමේ අලෙවි කළමනාකරුවෙකු ලෙස සේවයට බැඳී ඇති විමලසිරි මහතා, 2009 වසරේදී එහි ශාඛා කළමනාකරු බවට පත්විය. පසුව 2016 වසරේදී ඔහු එම සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස උසස්වීම් ලැබීය. එම තනතුරට අමතරව ඒ මහතා ද ෆිනෑන්ස් හි තැන්පතු අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ. 

මීට පෙර 2019 වසරේ මාර්තු 15 වැනිදා කෝසල මහතා ද ෆිනෑන්ස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීම් ලැබ තිබුණි. එතෙක් ද ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක ධුරයේ කටයුතු කළ නිමල් ජේ.බී. මාමාදුව මහතා ඉන් ඉල්ලා අස්වීමත් සමග කෝසල මහතා එම ධුරයට පත්විය.

Visits: 92

Leave a Reply

Your email address will not be published. Required fields are marked *