ආචාර්ය හාන්ස් විජේසූරිය JKH හි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සමූහයක් වන ජොන් කීල්ස් හෝලඩිංග්ස් පීඑල්සී (JKH.N0000) සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, එම සමාගමෙහි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන බව එම සමාගම පවසයි.

2024 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කිරිමට නියමිතව තිබේ.

මෙතෙක් කලක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි ජ්‍යෙෂ්ට ස්වාධීන අධ්‍යක්ෂවරයා වූ ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා එම අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වූ තනතුර සඳහා ආචාර්ය විජේසූරිය මහතා මෙලෙස පත් කර තිබේ.

හාන්ස් විජේසූරිය මහතා මීට පෙර 1997 වසරේ සිට 2016 දක්වා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කළේය. එසේම මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව, හාන්ස් විජේසූරිය මහතා 2008 වසරේ දී “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙසින්ද නම් කළේය.

Views: 0