2024 ජනවාරි මාසයේ අපනයන කාර්යසාධනයේ 0.77%ක පසුබැසීමක්
2024 වසරේ ජනවාරි මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 970.7 ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය 2023 ජනවාරි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 978.20ට සාපේක්ෂව 0.77% ක අඩුවීමක් ලෙස වාර්තා වී තිබේ.
මෙහිදී 2023 වසර හා සැසඳීමෙහ්දී ඇගලුම් සහ රෙදි පිළි (-10.17%ක), දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ (-29.09%ක), ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක (-18.37%ක), කුලුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන (-14.94%ක) සහ එළවලු (-19.68%ක) මෙන්ම බෝට්ටු නිෂ්පාදනයේ (-14.29%ක) සහ ඛනිජ තෙල් නිෂ්පාදන (-72.44%ක) ලෙස පෙන්නුම් කළ අපනයන ආදායම් පසුබැසීම ඊට හේතුව වී තිබේ.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2024/03/expo.jpg)
මේ අතර ශ්‍රී ලංකාව සිය භෘණ්ඩ අපනයනය කරන ලොව කලාප අනුව ගත් විට 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය පහත වැටී තිබේ. ඒ අනුව එක්සත් ජනපදය වෙත සිදු කරන අපනයන කාර්ය සාධනය (-13.46%කින්), යුරෝපා සංගමය (-3.41%කින්), දකුණු ආසියාව (-3.69%කින්), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (-33.00%කින්), පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් (-45.77%කින්), අප්‍රිකානු රටවල් (-9.24%කින්), මැදපෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තු හැර) (-10.00%කින්) යනාදී ලෙස පහත වැටී ඇත.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2024/03/expo-2.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 0