Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි

Shirtworks (SWX) සිය කොළඹ 04 හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු  කරයි.

SWX විසින් ED’s Array, Leonardo, Class One, Crocodile සහ Emerald වැනි ජාත්‍යන්තර සන්නාමවලින් යුත් එකතුවක් නූතන මහත්වරුන් සඳහා ඉදිරිපත් කරනු ලබයි. ගෝලීය මට්ටමේ මෝස්තරවලින් සමන්විත සහ උසස් තත්වයේ රෙදි යොදාගනිමින් නිර්මාණය කරන ලද  “Bespoke” කාණ්ඩය මෙම සුවිශේෂී අත්දැකීම තවදුරටත් ඉහළ නංවයි.

මේ පිළිබඳව සිය අදහස් දැක්වූ Shirtworks හි විධායක අධ්‍යක්ෂ එම්.එම්.එම් ඉහ්සාන් මහතා පැවසුවේ, “මෙම නැවත විවෘත කරන ලද SWX ශාඛාව සුඛෝපභෝගී පිරිමි ඇඳුම් සාප්පු සවාරියට නව අරුතක් එක් කරනවා. වර්තමානයට ඔබින ලෙස නිර්මාණය කර ඇති ශාඛා පරිශ්‍රය සහ එකිනෙකාට ආවේනික ලෙස නිර්මාණය කරන ලද විලාසිතාවන් මඟින් පෙර නොවිදි ආකාරයේ අත්දැකීමක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දෙනවා.”

JAKAMEN විසින් ශ්‍රී ලංකාවේ දේශගුණයට සරිලන පරිදි හොඳම යුරෝපීය රෙදි භාවිතයෙන් නිම කරන ලද tuxedo suits, formal suits, blazers සහ jackets රැසක් ඉදිරිපත් කරනු ලබනවා. සෑම ඇඳුමක්ම සුඛෝපභෝගී 100%ක් ලොම් හෝ ලොම් මිශ්‍ර රෙදි වලින් සුවපහසුව දනවන පරිදි නිර්මාණය කොට තිබේ. මෙම එකතුවෙහි ගුණාත්මකභාවය, ප්‍රායෝගිකත්වයට හානියක් නොවන පරිදි නවීන විලාසිතාවන් යොදාගනිමින් කල්පවතින රෙදිවලින් නිම කරන ලද නිමි ඇඳුම් වලින් මනා ලෙස පිළිඹිඹු කරයි.

” Shirtworks හි අපි සිදුකරන සෑම දෙයකම මුල්ගල වන්නේ ගුණාත්මකබවයි. මෙම නිමි ඇඳුම් ඉතා සුක්‍ෂම ලෙස, මෙම ශිල්පීයත්වය අගය කරන නූතන මහත්වරුන් සඳහා අප විසින් නිර්මාණය කර තිබෙනවා.” ඉහ්සාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Shirtworks හි නවතම නිමි ඇඳුම් එළිදැක්වීමත් සමඟින් පාරිභෝගිකයින්ට ප්‍රවීණ මෝස්තර ශිල්පීන් සමඟ ඔවුන්ට අවේනික විලාසිතාවන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපදේශන අපේක්ෂා කළ හැකිය. විවිධ රෙදිපිළි, නවීන විලාසිතාවන් සමඟින්, සෑම  මහත්මයෙකුටම පරිපූර්ණ නිමි ඇඳුමක් Shirtworks වෙතින් ලබා ගත හැකිය.

Visits: 0