වෝග් ජුවලර්ස් වෙතින් පෙබරවාරි මාසයේ සුවිශේෂී දීමනා සමගින් පැරණි රත්‍රන් හුවමාරු කිරීමේ අවස්ථාව

වෝග් ජුවලර්ස් මෙවරත් ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් සමගින් නවතම ස්වර්ණාභරණ එකතුවක්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම පාරිභෝගිකයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන Old Gold ප්‍රවර්ධන වැඩසටහන නැවත ක්‍රියාවට නැංවීමටද වෝග් ජුවලර්ස් තීරණය කර ඇත.

ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් හඳුන්වා දී ඇති දීමනාව පෙබරවාරි 07 දින සිට 14 දින දක්වා වලංගු විය. විශිෂ්ට නිපුණත්වයකින් යුතුව අලංකාර ලෙස නිමවා ඇති මේ ආකර්ෂණීය රන් භාණ්ඩ සඳහා පාරිභෝගිකයන්ට මෙම කාලය තුළ 45% ක් දක්වා වට්ටමක් හිමි වේ. තම ආභරණ එකතුවට එක්කර ගැනීමට හෝ ආදරණීයන්ට තෑගි දීමට පමණක් නොව අනාගත ආයෝජනයක් ලෙස වුවද ඉතාමත් සුදුසු මෙම සුවිශේෂී රන් නිමැවුම් සඳහා සීමිත කාලයක් සඳහා මෙම දීමනාව හිමි වනු ඇත.

එමෙන්ම පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන දීමනාව 2024 පෙබරවාරි 08 දිනයේ සිට 2024 පෙබරවාරි 24 දින දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී පාරිභෝගිකයන්ට තම පැරණි රත්‍රන් වෝග් ජුවලර්ස් වෙතට භාර දී, අති විශේෂ මිලගණන් යටතේ නව රත්‍රන් හෝ වෝග් ජුවලර්ස් හි විශිෂ්ට රන්කරුවන් විසින් නිමවන ලද රන් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලැබේ. මෙය ඔවුන්ට වාසි රැසක් සලසන දීමනාවක් වන අතර සුවිශේෂී ආයෝජන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක.

කාලයේ සීමා මායිම් ඉක්මවා යමින් පරම්පරාවෙන් පරම්පරාවට හදවත් ස්පර්ශ කරන සදානුස්මරණීය අත්දැකීම් තිළිණ කිරීම අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. පෙබරවාරි මාසය වෙනුවෙන් අප මෙවැනි සුවිශේෂී දීමනා හඳුන්වා දී ඇත්තේ, අපගේ වටිනා පාරිභෝගිකයන්ට අපගේ විශිෂ්ට නිර්මාණකරුවන් අතින් නිමැවුණු රන් භාණ්ඩ වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටයි. ආදරයේ මාසය ලෙස සැලකෙන පෙබරවාරි මාසයේදී සදාතනික මතක මවනා සුවිශේෂී රන් ආභරණ පෙළක් තමන් සතු කරගැනීමට නොපමාව පැමිණෙන්න.

මෙම ප්‍රවර්ධන වැඩසටහන්වලට සමගාමීව වෝග් ජුවලර්ස් විසින් ආදරයේ සදාතනිකත්වය සංකේතවත් කරමින් ‘Charme D’elicat’ නමින් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්ම නව රන් ආභරණ එකතුවක් හඳුන්වා දී තිබේ. සරල, උසස් හා ආකර්ෂණීය නිමාවක් සහිත මෙම ආභරණ තම ආදරයේ පිවිතුරු බව ප්‍රකාශ කිරීම සඳහා පුද දිය හැකි අගනා තිළිණයක් වනු නිසැක ය.

Visits: 0