Eventsඅදහස්කර්මාන්තපුවත්රාජ්‍ය

ලිට්‍රෝ සමාගම රුපියල් බිලියන 3 ක් ලාභාංශ ලෙස රජයට ගෙවයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම LP ගෑස් සපයන්නා වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් විසින් එහි ප‍්‍රමුඛතම කොටස් හිමිකරු වන ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ශ‍්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට රු. බිලියන 3ක් (මිලියන 3,000) ලාභාංශ වශයෙන් ලබා දී තිබේ.

මෙම ලාභාංශ 2023 ඔක්තෝම්බර් මාසයේදී රුපියල් බිලියන 1.5 ක් සහ 2024 ජනවාරි 26 දින තවත් රු. බිලියන 1.5 ක් ලෙස රජයට ගෙවා ඇත. මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණය දැක ගත හැකි වන්නේ වසංගතයකින් පසුව සහ ආර්ථික පසුබෑමකින් පසුව ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සක‍්‍රීයව උත්සාහ කරන තීරණාත්මක අවස්ථාවකය.

තවද, ලිට්‍රෝ සමාගම ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා සිය කැපවීම පෙන්නුම් කර ඇත්තේ රු. බිලියන 2.6 ක් රජයට බදු ගෙවමින් සහ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයෙන් එකක් ලෙස එහි ස්ථාවරත්වය තහවුරු කර ගනිමිනි. තම සැපයුම් දාමයට බලපෑ විදේශ සංචිත හිඟය ඇතුළු අභියෝගවලට මුහුණ දී තිබියදීත්, ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතාගේ නායකත්වය යටතේ එම ගැටලූ කඩිනමින් විසඳා ගැනීමට ඔවුන්ට හැකිවිය.

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සිය සතුට ප‍්‍රකාශ කළේ, ”අභියෝග සහ දුෂ්කරතාවලින් යුත් කාල සමයක් වුවද 2023/24 මූල්‍ය වර්ෂය ලිට්‍රෝ සමාගමට ලාභදායී බව ඔප්පු කර ඇති බව ප‍්‍රකාශ කරන්නේ ඉතා සතුටින්. ඉදිරි මූල්‍ය වර්ෂයේදී අපගේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට LP ගෑස් ලබා දෙන අතරම ග‍්‍රාමීය ජනතාව වෙත අපගේ නිෂ්පාදන භාවිතය වැඩි කිරීමට කටයුතු කරමු” යනුවෙනුයි. ආරක්ෂිත සහ සෞඛ්‍යයට හිතකර විකල්පයක් ලෙස LP ගෑස් වෙත මාරු වීමේ වැදගත්කම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරක්ෂිත අධ්‍යාපනික වැඩසටහන් ඇතුළුව විවිධ අංශ කෙරෙහි සමාගමේ අවධානය යොමු වීම පිළිබඳවද ඔහු අවධාරණය කළේය.

ලිට්‍රෝ හි වර්ධනයට සහ නැවත නැගී සිටීමට හේතු වන්නේ වියවුල් සහිත කාලපරිච්ෙඡ්දයක දී සමාගම භාරගත් සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ කළමනාකාරිත්ව සහ උපාය මාර්ගික උත්සාහයන් ය. ඔහුගේ නායකත්වය යටතේ සමාගම විශිෂ්ට පෙරළියක් සිදු කරමින් දේශීය හා ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වී ඇත.

කර්මාන්ත සහ නිවාස සඳහා ස්ථීර සහ අඛණ්ඩ LPG සැපයුමක් සහතික කිරීම මඟින් පාරිභෝගිකයන්ට පහසුව සැලසීම මෙන්ම ජීවනෝපායන් සුරක්ෂිත කිරීම නිසා මෙම ඇගයීම ඔවුන්ට හිමිවිය.

දේශීය LP ගෑස් වෙළෙඳපොලේ විශාලතම සැපයුම්කරු ලෙස ලිට්‍රෝ විසින් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත්, වඩාත් තරඟකාරී සහ ලාභදායී සැපයුම්කරුවන්ගෙන් ගෑස් මිලදී ගැනීම මඟින් ගෑස් හිඟයන් කඩිනමින් තුරන් කිරීමට සමත් විය. ගෑස් සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී අඛණ්ඩව සැපයුම් අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ගේ ඇති හැකියාව සහ තරඟකාරී මිලකට ගෑස් දිගටම සැපයීමට ඔවුන්ට ඇති හැකියාව යන අවශ්‍යතා දෙකම ප‍්‍රමුඛ කාරණා ලෙස සැලකෙන අතර, එමඟින් පාරිභෝගිකයන්ට තරඟකාරී මිලකට හිඟයකින් තොරව ගෑස් සැපයුමක් ලබා දීම සහතික කෙරේ.

Views: 4