සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව දෙහිවලදී විවෘත කෙරේ

මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව දෙහිවල ගාලූපාරේ අංක 249 දරණ ස්ථානයේ පසුගියදා විවෘත කෙරිණි.

සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 46 වැනි ශාඛාව ලෙස විවෘත වූ දෙහිවල ශාඛාව,සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා,එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් ජයනාත් ගුණවර්ධන මහතා සහ ශ‍්‍රියානි රණතුංග මහත්මිය,දෙහිවල සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර සහ කරගම්පිටිය පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං,කුලී සින්නක්කර සේවා,ෆැක්ටරින්,ව්‍යාපාර හා පුද්ගලික ණය,නිවාස ණය,රන් ණය,ෆාස්ට් ඩ්‍රාෆ්ට්,ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් දෙහිවල ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සිය අදහස් දක්වමින් “අපේ රටේ විවිධ සමාජ ඒකකවල ඒ ඒ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින්ශ්‍රී ලාංකිකයන් ආර්ථිකමය සාර්ථකත්වය කරා රැගෙන යාමේ අභිලාශය ඇතිව ආරම්භ කෙරෙන දීප ව්‍යාප්ත ශාඛා ජාලයට අලූතෙන්ම එකතු වූයේ දෙහිවල ශාඛාවයි. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන දෙහිවල නගරය ආශ‍්‍රිත ව්‍යවසායක ප‍්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප‍්‍රධාන අරමුණ. දෙහිවල අවට සිටින සෑම තරාතිරමකම පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.”යැයි පැවසීය.

Views: 44