McLarens Lubricants සමාගම McMart සංකල්පය මෙරටට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන McLarens Lubricants, සුවිශේෂී Oil Mart දාමයක් වන McMart සංකල්පය මෙරටට හඳුන්වාදීම සඳහා කටයුතු කළ බව පවසයි. සිය ප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයින් සමඟ ඇතිකරගනු ලැබූ හවුල්කාරිත්වයක් හරහා මෙම කටයුතු සිදුව තිබේ.

පාරිභෝගිකයින්ට මෝටර් රථ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා අසමසම අත්දැකීමක් ලබාදීමේ අරමුණ සමඟින් McLarens Lubricants සිය සමාරම්භක අලෙවිසැල් රත්මලාන, කඩවත, ඇඹිලිපිටිය, හොරණ සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලදී පසුගියදා විවෘත කළේය.

මෙම නව්‍ය McMart සංකල්පය මඟින් පාරිභෝගිකයින්ට අවශ්‍ය Mobil සහ Lockheed ඇතුළු ලිහිසි තෙල් නිෂ්පාදන රැසක් එකම වහලක් යටින් ලබාගැනීමේ හැකියාව පවතී.

Forbes වෙතින් ලොව අංක 1කේ Synthetic Engine Oil සන්නාමය ලෙස පිදුම්ලත් Mobil, සිය විශිෂ්ටත්වය McMart සංකල්පය ඔස්සේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත සමීප කරයි. තවද Mobil හි අති නවීන තාක්‍ෂණය මඟින්පාරිභෝගිකයින්ගේ වාහන සඳහා ප්‍රශස්ත මට්ටමේ එන්ජින් ආරක්ෂාවක් ලබාදෙමින් ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවයි. 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Brake Fluid නිෂ්පාදනය වන Lockheed වසර 80 කට වැඩි කාලයක් මෙරටතුළ සිය වෙළඳ කටයුතු සිදු කරනු ලබයි. පාරිභෝගිකයින්ට ඉහළම ප්‍රමිතියේ Brake Fluidසැපයීම තුලින් වාහනයේ ආරක්ෂාව සහතික කිරීම Lockheed හි අරමුණයි.

McMart හි මූලික අරමුණ පාරිභෝගිකයින් සඳහා පෙර නොවූ වෙළඳ අත්දැකීමක් ලබාදීමයි.ලිහිසි තෙල් නිෂ්පාදන සැපයීමට අමතරව, නිෂ්පාදන පිලිබඳව පාරිභෝගිකයින් තුල වූ දැනුම වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සඳහා මෙම අලෙවිසැල් නිර්මාණය කර ඇත.මෙමඟින් පාරිභෝගිකයින්ට ලිහිසි තෙල් මිලදී ගැනීම් පිළිබඳව නිවැරදි තීරණ ගත හැකි අතර ඔවුන්ගේ වාහන ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වෙනවාද සහ විශිෂ්ට තත්ත්වයේ පවතීද යන්න පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා ගත හැකිය.

2023 වන විට ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සීග්‍රයෙන් වර්ධනය වන විශාලතමලිහිසි තෙල් සමාගම් අතරින් 03 ස්ථානය දිනාගැනීමට සහ ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ලිහිසි තෙල් ආනයනය කරන්නා බවට පත්වීමට McLarens Lubricants සමාගම සමත්ව ඇත. McLarens Lubricants හඳුන්වාදුන් මෙම සංකල්පය තුළින් ඔවුන්ගේ නිෂ්පාදනවල විශ්වාසය තහවුරු කරන අතරම පාරිභෝගිකයාට එමඟින් උසස් තත්වයේ Mobil හා Lockheed නිෂ්පාදන නවමු නියෝජිත අත්දැකීමක් සමඟින් මිලදී ගැනීමට සැලැස්වීම ඔවුන්ගේ අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් McLarens Lubricants හි සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා ප්‍රකාශ කලේ “ශ්‍රී ලංකාවේප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයන් සමඟMobil, Lockheed වැනි විශිෂ්ට සන්නාම සමඟින් එක්ව McMart සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. McMartසංකල්පය මෙරට පාරිභෝගිකයින්ට වෙනස්ම අත්දැකීමක් ලබාදෙන බව අපට විශ්වාසයි. අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබාගැනීමත්, ඔවුන්ගේ වාහනවල ලිහිසි තෙල් අවශ්‍යතා සඳහා විශේෂඥ මාර්ගෝපදේශ ලබා ගැනීමටත් හැකි එක් ස්ථානයක් හඳුන්වාදීම අපගේ අරමුණයි.”  යනුවෙනි.

Views: 71