ලංකා IOC වෙතින් කොටසකට රුපියල් 4.00 බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා IOC පීඑල්සී සමාගම (LIOC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා කොටසකට රුපියල් 4.00ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 21 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ජූනි 30 වැනිදා ලෙස නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය අතර, එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 29 වැනිදා පැවැත්වීමටත් සමාගම සැලසුම් කර සිටියි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 85