විදුල්ලංකා පීඑල්සී කොටස්හිමිකරුවන් සඳහා ශත 11ක් බැගින් ලාභාංශ ගෙවිමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විදුල්ලංකා පීඑල්සී (VLL.X0000) සමාගමෙහි ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට එම සමාගම තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව සෑම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් ශත 11ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.
මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 30 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 09 වැනිදා නම් කෙරී තිබේ. මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම පවසයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 50