ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී වෙතින් රුපියල් 1.10 ක් බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම (PARQ.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.10ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.
මෙය 2023 මාර්තු 31වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති සමාගමේ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 06 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශරහිත දිනය (XD Date) දිනය ලෙස මාර්තු 16 නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
අද වනවිට ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සීසමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් තිදෙනා වන්නේ ධම්මික පෙරේරා මහතාට අයත් ලංකා ටයිල්ස් පීඑල්සී, ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම් තුනයි. එය 66%ක ප්‍රතිශතයක් ඉක්මවා තිබේ.
ඒ අතරින් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගමට කොටස් 65,425,900ක් එනම් 47.80%ක ප්‍රතිශතයක් හිමිව ඇත. එසේම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී වෙත කොටස් 15,706,250ක් එනම් 11.476%ක් හිමිය. රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සීවෙත කොටස් 9,413,065ක් හිමි අතර එය 6.87%ක ප්‍රතිශතයකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 96