ලාභාංශ ප්‍රකාශ කෙරුණත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් කොටස් වටිනාකම් පහළට
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (AAIC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
අද දිනයේදී එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.
මෙය 2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අප්‍රේල් 04 වැනිදා නම් කෙරී තිබේ.
කෙසේ වෙතත් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 90.80ක් ලෙස සටහන්ව තිබුණි.
ඒ අනුව මෙය පෙර දිනයේ පැවැති කොටසක වටිනාකම වූ රුපියල් 91.70ට සාපේක්ෂව රුපියල් ශත 90ක එනම් 0.89%ක පහත වැටීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 153