C. W. Mackie PLC සමාගම සිය SCAN සන්නාම යටතේ දේශීයව නිපදවන Snacks නිෂ්පාදන රැසක් එළිදක්වයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත C.W.Mackie PLC සිය SCAN සන්නාමය යටතේ නව්‍ය Snack නිෂ්පාදන ලෙසින් Cassava Chips, Fried Dhal, Scan Buddy Peanut මෙන්ම Mixtures යන නිෂ්පාදනයන් වෙළෙඳපලට හඳුන්වාදීම ඊයේ කොළඹදී සිදු විය.

ශී‍්‍ර ලංකාවේ මෑතභාගයේ Snack (කෙටි ආහාර) ක්ෂේත‍්‍රයේ ඇති අවස්තාව මැනවින් හඳුනාගනිමින් C.W. Mackie PLC සමාගම සිය SCAN සන්නාමය යටතේම මෙලෙස එම නිෂ්පාදන වෙළඳපොල වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

මෙම පළමු නිෂ්පාදන තොගය C.W. Mackie PLC හි විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා විසින් C.W. Mackie සමූහ ව්‍යාපාරයේ සභාපති හේමක අමරසූරිය මහතා වෙත පිරිනැමීම සිදුවිය.

ඒ අනුව එම සමාගම මෙතෙක් රැකගත් විශ්වාසනීයත්වය සැමදා රැකගනිමින්, විවිධ රසයන්ගෙන් සහ ප‍්‍රමාණයන්ගෙන්, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය හා නවීන තාක්ෂණ සංකලනය යොදා මෙම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත පිරිනමන බවත් එම සමාගම පවසයි.

මේ අතර අලුතින් නිපදවුණු SCAN Jumbo Peanut සඳහා අවශ්‍ය රටකජු දේශීය ගොවීන්ගෙන් මිලදී ගත් නිෂ්පාදන බවද මෙහිදී අනාවරණය කෙරිණි.

මෙතෙක් ආනයනය කර බෙදාහරින ලද SCAN Jumbo Peanut නිෂ්පාදනය, දේශීය වශයෙන් නිපදවීම කෙරෙහි C.W. Mackie PLC හි අවධානය යොමු වන්නේ 2018 වසරේ දී ය. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සමඟ එක්ව දේශීය ජම්බෝ රටකජු ප්‍රභේදයක් නිර්මාණය කිරීමට එම ආයතනය විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්මාණය කළ ජම්බෝ රටකජු ප්‍රභේදය මෙරට ගොවියන් අතර බෙදා හරිමින් එම ජම්බෝ රටකජු වගාව ප්‍රවර්ධනය කිරීමටත්, එමගින් නිෂ්පාදනය කෙරෙන අස්වැන්න යොදාගනිමින් SCAN Jumbo Peanut දේශීයව නිෂ්පාදනය කිරීමටත් C.W. Mackie PLC කටයුතු කරයි.

මේ වෙනුවෙන් C.W. Mackie PLC හොරණ නගරයේ ආරම්භ කළ අති නවීන කර්මාන්තශාලාව හරහා ගුණාත්මක මෙන් ම ප්‍රමිතිගත Jumbo Peanut, SCAN සන්නාමය යටතේ පාරිභෝගික ජනතාව අතට පත් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

මෙහි දී අදහස් දැක්වූ C.W. Mackie සමූහ ව්‍යාපාරයේ සභාපති හේමක අමරසූරිය මහතා පැවසුවේ, “මෙම සාර්ථකත්වයට දායක වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන් සහ විශ්වාසයෙන් අපගේ නිෂ්පාදන හා බැඳී සිටින පාරිභෝගිකයින් ඇතුළු සැමට ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා” යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් C.W. Mackie PLC විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා, “මෙතෙක් කාලයක් ආනයනය කළ SCAN Jumbo Peanut නිෂ්පාදනය දේශීය වශයෙන් නිපදවීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු සියලු ම දෙනාට ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙම ජයග්‍රහණය මගින් C.W. Mackie PLC වසර 125කට වැඩි කාලයක් පුරා ගොඩනගාගෙන තිබෙන පාරිභෝගික විශ්වාසය තව තවත් වර්ධනය කරගැනීමට අපට හැකියාව ලැබෙනවා.100% ක් දේශීය SCAN නිෂ්පාදන සමඟ ඉදිරියේදීත් අත්වැල් බැඳගන්නා හැටියට ආදරණීය පාරිභෝගික ජනතාවට මම ආරාධනය කරනවා.”

වසර 125ක සාඩම්බර අතීතයක් හිමි කොළඹ කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත සමාගමක් වන, C.W. Mackie PLC ආයතනය, ආනයනය මෙන්ම අපනයනය තුලින් දෙස් සහ විදෙස් විනිමය උපයන නිෂ්පාදනය සහ අලෙවිකරණයේ යෙදෙන සමාගමකි.

C.W. Mackie PLC හි SCAN නිෂ්පාදන අංශය නිෂ්පාදනය සහ ප‍්‍රබල බෙදාහැරීමේ ජාලයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නාමයන් වන Sunquick, SCAN Jumbo Peanut, කොටගල කහට, SCAN පානීය ජල බෝතල්, Ocean Fresh Tuna, KVC (සැකසූ එළවළු සහ පලතුරු) මෙන්ම N-Joy පොල් තෙල්, Star Brand (Essences සහ Colouring) යන නිෂ්පාදන C.W. Mackie PLC සතු සන්නාම වෙයි.

Visits: 118