දින කිහිපයක් ඇතුළතදී මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු‍ට විදේශයන්හිදී දිවි අහිමි වෙයි

මෙරට ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන කමිල් හුසේන් මහතා ඊයේ දිනයේදී කෙන්යාවේදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ඔහු කෙන්යාවේ සිදු කරමින් පැවති සංචාරයක් අතරතුරදී ඩෙංගු රෝගය වැළැදීමෙන් හටගත් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙන බව සඳහන් වෙයි.

කමිල් හුසේන් මහතා මෙරට ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදන සමාගමක් වන ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි.

එසේම ඒ මහතා විදුලි උපාංග අලෙවියේ නිරත Chint Energy සමාගමේ මෙන්ම ඉදිකිරීම් සහ සනීපාරක්ෂක උපාංග අලෙවියේ නිරත Synergy Ventures Pvt ltd සමාගමේද කළමනාකර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ අතර, මෙරට තුළ දියර පොහොර නිෂ්පාදනයේ නිරත ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් සමාගමේ අධිපතිවරයා වන ඔනේෂ් සුභසිංහ මහතාද පසුගියදා ඉන්දුනීසියාවේදී මියගොස් ඇතැයි ඊයේ අනාවරණය විය.

ඔහු සිය බිරිඳ සහ දියණිය සමගින් ඉන්දුනීසියාවේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරවාරයේදී මෙම මරණය සිදුව තිබේ.

මෙය ඝාතනයක් බවටද සැක කෙරෙන බව ඉන්දුනීසියා පොලිසිය සඳහන්කරයි. මේ සම්බන්ධයෙන් පළමු සැකකරු ලෙස ඔහුගේ බිරිඳ හඳුනාගෙන ඇතැයිද පැවසෙයි.

Views: 204