මෙරට පිහිටි ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් BOI සභාපති හමුවෙයි

මෙරට තුළ මෙහෙයුම් සිදු කරන ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් සමන්විත ෆෝරමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ගමනේ අරමුණ වී තිබේ.

මෙහිදී ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් අයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කෝඩි සහ එහි අධ්‍යක්ෂ ජනරාල් රේනුකා වීරකෝන් යන මහත්ම මහත්මීන් හමුවී තිබේ.

මෙම හමුවේදී තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, නිෂ්පාදන, සංචාරක සහ ලොජිස්ටික් සේවා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුනු බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

Visits: 64