සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් CSE හි ගනුදෙනු කිරිම අත්හිටුවයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි (SHL.N0000) කොටස් ගනුදෙනු කිරිම අද (දෙසැම්බර් 08) දිනයේ අත්හිටුවීමට එම හුවමාරුවෙහි බලධාරීන් පියවර ගෙන තිබේ.
එම සමාගම මගින් 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව ලබාදිමට අපොහොසත්වීම මේ සඳහා හේතුව වී තිබේ.
මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව පසුගියදා එම සමාගම ඇතුළු තවත් සමාගම් හතක් වෙත අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණි.
මේ අතර අද දිනයේදී සිය කොටස්හිමිකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසා සිදුව ඇති ගනුදෙනු අත්හිටුවීම සම්බන්දයෙන් සිය සමාව ඉල්ලන බව සඳහන් කර තිබේ.
මෙහිදී සිය ආසන්නතම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරිමට නොහැකි වීමේ ප්‍රධානතම හේතුව සිය සමූහයට අයත් එක් පරිපාලිත සමාගමක විගණන කටයුතු සම්පූර්ණ කිරිමට පමා වීම බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.
ඒ හේතුවෙන් සමාගම් සමූහයේ සමස්ත ගිණුම් පිළිබඳ අවසන් වාර්තාවක් සකස් කිරිමට ප්‍රමාදවිම මෙහිදී සිදුව ඇතැයිද එම සමාගම සිය කොටස්හිමිකරුවන් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව 2022 මාර්තු 31 වැනිදාට අදාළ වාර්ෂික වාර්තාව හැකි ඉක්මණින්ම ඉදිරිපත් කිරීමට සිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියි.

Hits: 7