Iconic Galaxy සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් අතට පත්කරයි

Iconic Galaxy 2022 ඔක්තෝම්බර් මාසයේදී සිය ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ඔවුන්ගේ සුඛෝපභෝගී මහල් නිවාස පාරිභෝගිකයින්ට භාරදීම පසුගියදා ආරම්භ කළේය.

මෙම ව්‍යාපෘතිය නිදන කාමර දෙකේ සිට පහ දක්වා වූ මහල් නිවාස 269 කින් සමන්විත වේ. අංක 110, පාර්ලිමේන්තු පාරේ දී ඉදිකර නිම කරන ලද මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් වෙත භාරදීමෙන් පසුව Iconic Developments සිය ඊළග ව්‍යාපෘතිය සඳහා රාජගිරිය ප‍්‍රදේශය තෝරා ගත්තේය.

New city center (නව නගර මධ්‍යස්ථානය) ලෙස ජනප‍්‍රිය මෙම පරිශ‍්‍රය හරිත තෝතැන්නක් වන අතර ඊට බටහිරින් කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය, දකුණින් පිහිටි දියවන්නා වැව සහ උතුරු හා නැගෙනහිරින් කඩොලාන වලින් ගැවසී ගිය ඇළ මාර්ග ද ඇත.

මෙහි සිට රාජගිරිය අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික පාසල්, රෝහල් සහ මූල්‍ය ආයතන මෙන්ම සුඛෝපභෝගී හෝටල් සහ සුපිරි අවන්හල් වෙත පහසුවෙන් ලගා විය හැකිය.

”Iconic Galaxy මහල් නිවාස සංකීර්ණය සියලූ පහසුකම්වලින් සමන්විත වන අතර නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකභාවය සහතික කර තිබෙනවා. අපි අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් උපරිම සේවාවක් සහ පහසු වාරික ගෙවීමේ ක‍්‍රම පිරිනැමීමට කැපවී සිටින අතර ඔවුන් ඒ හරහා ඉහළ ප‍්‍රතිලාභ ලබාගනු ඇතැයි අපේක්ෂා කරනවා. Iconic යනු ස්වභාව ධර්මය සමඟ සමීපව බැඳෙමින් සියලූ අතිනවීන පහසුකම්වලින් සපිරි සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමට ප‍්‍රසිද්ධියක් උසුලන ආයතනයක් ලෙස Iconic හඳුන්වා දිය හැකියි. නිස්කලංක වටපිටාවක් සහ සුවපහසු ජීවන අත්දැකීමක් බලාපොරොත්තු වන පුද්ගලයින්ට මෙම සුඛෝපභෝගී මහල් නිවාස කදිම තෝතැන්නක්.” යනුවෙන් Iconic Developments හි සභාපති රොහාන් පරික් මහතා අදහස් දක්වුවේය.

විශාල ජනේල සහ එළිමහන් අංගන සහිත මෙය ආකර්ශණීයව, වාතාශ‍්‍රය සහිතව සහ උෂ්ණත්වය පාලනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ සැලසුමකට අනුව ඉදිකර ඇත. අසමසම දර්ශන තලයක් සහ හොඳම නිමාවෙන් යුක්ත වූ මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඔබට සහ ඔබගේ ප‍්‍රියතමයන්ට සුන්දර නිවහනක් තිළිණ කරනු ඇත. අති සුඛෝපභෝගී පහසුකම් සහ සේවාවන් සපයන මහල් 7 පුරාවටම ඔබට විශිෂ්ට විනෝදාත්මක ක‍්‍රියාකාරකම් රාශියක් සහ මෙහි පදිංචිකරුවන් සඳහා පහසු සේවාවන් රැසක් භුක්ති විදිය හැකිය. මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය අමුත්තන් සඳහා වෙන් වූ පුද්ගලික හමුවීමේ ස්ථාන සහ සුපිරි වෙළඳසැලක්, ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ ස්පා ඇතුළු ස්ථානීය පහසුකම් ද පිරිනමයි. මෙය ඔබ සහ ඔබේ පවුලේ අය සඳහා වූ අංග සම්පූර්ණ පරාසයකි.

Rooftop මත ඉදිකරන ලද එල්ලෙන උද්‍යාන ප‍්‍රජා ගොඩනැගිල්ල ඔබට විවේකී නිස්කලංක අත්දැකීමක් තිළිණ කරයි. එළිමහන් රඟහලේ, rooftop ආපනශාලාවේ සිට සෙන් උද්‍යාන දක්වා නිවැසියන්ට විවේක ගැනීමට සහ සුන්දර මතකයන් එකතු කර ගැනීමට බොහෝ මාවත් නිර්මාණය කර තිබේ.

”Iconic Galaxy සම්පූර්ණ කිරීම පිළිබඳව අපි සතුටට වන අතර එහි ප‍්‍රතිඵලය දැකීමෙන් අපි විස්මයට පත් වෙනවා. නගරය මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී පහසුකම් සහිත අපගේ මහල් නිවාස සංකීර්ණය මෙතරම් අගනා අන්දමින් පාරිභෝගිකයින්ට භාරදීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.” යනුවෙන් Iconic Galaxy හි මෙරට අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරාස් දාවුද් මහතා පැවසුවේය.

Visits: 10