ගනුදෙනු අත්හිටුවන බවට ලැයිස්තුගත සමාගම් 08කට CSE වෙතින් අනතුරු ඇඟවීම්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් 08ක් වෙත සිය කොටස් ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට කොළඹ කොටස් හුවමාරුවෙහි බලධාරීන් පියවර ගෙන ඇතැයි පවසයි.
ඒ අනුව ලබන දෙසැම්බර් 08 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සමාගම්වල ගනුදෙනු අත්හිටුවීමක් සිදුවනු ඇතැයි එම නිවේදනයේ සටහන්ව තිබේ.
මෙලෙස කොළඹ කොටස් හුවමාරුව මගින් එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ලැයිස්තුගත සමාගම් වන්නේ ඔඩෙල් පීඑල්සී (ODEL), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී (SHL), ඔෆිස් ඉක්විප්මන්ට් පීඑල්සී (OFEQ), ටෙස් ඇග්රෝ පීඑල්සී (TESS), හුන්නස් හෝල්ඩිංග්ස් පීඑල්සී (HUNA), සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී (CPRT), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී (NHL) සහ පැරගොන් සිලෝන් පීඑල්සී (PARA) යන සමාගම්ය.
එම සමාගම් විසින් 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා අදාළ වාර්ෂික වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොතිබීම මෙලෙස ගනුදෙනු අත්හිටුවීමට තීරණය බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ඒ අනුව ලබන දෙසැම්බර් 08 වැනිදාට පෙරාතුව සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම හරහා මෙම සමාගම් වෙත තම කොටස් ගනුදෙනු අත්හිටුවීමේ අවදානමෙන් මිදීමේ අවස්ථාව පවතී.

Hits: 268