චාමික කරුණාරත්න Prima Stella Dairy හි නව සන්නාම තානාපති ලෙස පත් කෙරේ

සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නිෂ්පාදන රැසක් සමග ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ Prima Stella Dairy සිය තේමාව වන ‘Be Healthy, Be Active’ තවත් සවිබල ගන්වමින් නව සන්නාම තානාපතිවරයා ලෙස ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක චාමික කරුණාරත්න මහතා පත්කොට තිබේ.

වත්මන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් තරුවක් මෙන්ම ජාතික බැඞ්මින්ටන් ක‍්‍රීඩකයෙකු ලෙසත් හෙල්ල විසිකිරීමේ කණිෂ්ඨ ජාතික ශූරයෙකු ලෙසත් ක‍්‍රීඩාලෝලී හදවත් දිනූ චාමික කරුණාරත්න මහතා ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ජවසම්පන්න ක‍්‍රියාශීලී තරුණ ක‍්‍රීඩකයෙකි.

පාසැල් සමයේ ද කොළඹ රාජකීය විද්‍යාලයේ කැපී පෙනෙන ක‍්‍රීඩා තරුවක් වූ චාමික – මළල ක‍්‍රීඩා, බැඞ්මින්ටන් හා ක‍්‍රිකට් කණ්ඩායම් තුළ නායකත්ව ලක්ෂණ ප‍්‍රකට කරනු ලැබීය. පාසලේ ක‍්‍රීඩකයෙකු ලෙස ලබාගත හැකි ඉහළම කීර්තිය අත්පත් කරගත්තේ “Royal Crown Award” හෙවත් රාජකීය කිරුළ දිනාගැනීමෙහිලා සියළු තරකාරී අවශ්‍යතා සපුරාලූ රාජකීය විද්‍යාල ක‍්‍රීඩා ඉතිහාසයේ එකම ක‍්‍රීඩකයා බවට පත් වෙමිනි.

Prima Stella Dairy පෝෂණ සන්නාමය සමග අත්වැල් බැඳගැනීම පිළිබඳ චාමික කරුණාරත්න මහතා සිය අදහස් දක්වමින් ‘ක‍්‍රියාශීලී සෞඛ්‍යසම්පන්න ජීවිතයක වටිනාකම ගැන පුංචි කාලයේ ඉඳලම මම ඉගෙනගෙන තියෙනවා. පුංචි කාලයේම ඉගෙනගත්ත ඒ හොඳ පුරුද්ද නිසා මට අද ජීවිතයේ මේ තරම් දුරක් එන්න පුළුවන් වෙලා තියෙනවා. Prima Stella Dairy සන්නාමයේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරන්නට ලැබුණ ආරාධනාව මම සතුටින් භාරගත්තේ ඔවුන් සැමවිටම සෞඛ්‍යසම්පන්න ක‍්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමටත් ශ්‍රී ලාංකිකයන් දිරිගන්වන නිසයි.’ යනුවෙන් පවසා සිටියි.

Prima Stella Dairy වෙත නව සන්නාම තානාපතිවරයෙක් පත් කිරීම පිළිබඳ ප‍්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ලෝරන්ස් චෑන් මහතා අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පරපුර සෞඛ්‍යසම්පන්න ක‍්‍රියාශීලී ජීවිතයක් වෙනුවෙන් දිරිගැන්වීමට සැමදා වෙහෙසුනු Prima Stella Dairy වෙනුවෙන් නව සන්නාම තානාපතිවරයෙක් පත් කිරීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්ව සිටිනවා. අලූත් පරම්පරාවේ ආකර්ෂණය දිනාගත් ක‍්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න මහත්මයා අප සමග අත්වැල් බැඳගැනීමත් සමග Prima Stella Dairy සන්නාමයේ තේමාව තවදුරටත් ජනතාව අතරට රැගෙන යන්න අපට හැකිවෙනවා.” යනුවෙන් සඳහන් කරයි.

Ceylon Agro Industries, ප‍්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් “අලූත් පරම්පරාවේ ජවසම්පන්න ක‍්‍රියාශීලී ක‍්‍රීඩකයන් අතර චාමික කරුණාරත්න මහතා දීප්තිමත්ව කැපීපෙනෙන ක‍්‍රීඩා පෞරුෂයක්. Prima Stella Dairy සන්නාමයේ Be Healthy, Be Active තේමාව සමග චාමිකගේ ක‍්‍රීඩාශීලී ප‍්‍රතිරූපය හොඳින් මුසුවෙනවා. නව සන්නාම තානාපතිවරයෙක් පත් වීමත් සමග සෞඛ්‍යසම්පන්න ක‍්‍රියාශීලී ජීවිතයක වැදගත්කම අවධාරණය කරන Prima Stella Dairy අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් වුණා. ඒ හරහා අපේ රටේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට තවත් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිවේවි යැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පවසා සිටියි.

Views: 68