Combank.lk ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස සම්මාන ලබයි

LK ඩොමේන් රෙජිස්ටි‍්‍ර විසින් පැවැත්වූ 2022 BestWeb.lk තරඟාවලියේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය තේරී පත්විය.

පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී 12 වන වරටත් පැවැත්වූ BestWeb.lk වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අදාළ අංශය වෙනුවෙන් ප‍්‍රදානය කළ ඉහළම සම්මානය වන රිදී සම්මානය ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත්විය. මෙම සම්මානයම 2020 වසරේදීත් කොමර්ෂල් බැංකුව ජයග‍්‍රහණය කළ අතර 2017 වසරේදී BestWeb.lk තරගාවලියේදී ලෝකඩ සම්මානයක් ජයග‍්‍රහණය කළේය. මේ වසරේදී ‘බැංකුකරණ සහ මූල්‍ය’ අංශය වෙනුවෙන් රන් සම්මානයක් ලබා නොදුන් අතර ලබාදුන් ඉහළම සම්මානය වූයේ රිදී සම්මානයයි. 

පසුගිය වසරේදී නවාංග එක් කරමින් www.combank.lk වෙබ් අඩවිය අළුතින් එළි දැක්වූ අතර අන්තර්ගතයන් භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම, ක‍්‍රියාකාරී මල්ටිමීඩියා උපකරණ සමග පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස වෙබ් අඩවිය සකස් කිරීම, සර්ච් කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම, ලබාදී තිබෙන තොරතුරු වැඩි කිරීම මෙම නවාංග අතරට ඇතුළත් වේ. මෙම සම්මානය ජයග‍්‍රහණය කිරීමට මෙම වැඩිදියුණු කිරීම ඉවහල් වූ බව බැංකුව සඳහන් කරයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා අදහස් දක්වමින්, ‘සමාගමක් සමග ගැනුම්කරුවෙකුගේ පළමු සම්බන්ධය බොහෝ දුරට වෙබ් අඩවිය විය හැකි වකවානුවක, වෙබ් අඩවියේ පෙනුම මෙන්ම අන්තර්ගතය ඉතාමත් වැදගත් වෙනවා. එහිදී, වෙබ් අඩවියෙන් ලබා දෙන සේවා සහ භාවිතා කිරීමේ විකල්ප බැංකු සේවකයන්ගේ ස්ථානය ගන්නවා. ඩිජිටල් අවකාශය තුළ ඇතිවෙමින් තිබෙන පෙරළිය පිළිබඳව කොමර්ෂල් බැංකුව බොහෝ අවධානයකින් සහ දැනුවත්භාවයකින් කටයුතු කරනවා. මේ නිසා, පාරිභෝගිකයින්ට ඩිජිටල් පහසුකම්, වෙබ් අඩවිය සහ තාක්ෂණය තුළින් ලබාදෙන සේවාවන් බැංකුව විසින් අඛණ්ඩවම වර්ධනය කරමින් සිටිනවා. මෙම නවතම සම්මානය මගින් නැවත වරක් බැංකු අංශයේ තාක්ෂණය පදනම් කරගත් පහසුව ලබාදීමේ නායකයා ලෙස කොමර්ෂල් බැංකුව අත්කරගෙන තිබෙන ස්ථානය යළි යළිත් තහවුරු කරනවා.’  යනුවෙන් පවසා සිටියි.

Views: 35