මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ උතුරු මැද පළාතේ දරුවන්ගේ පවුල්වලට සවියක් වෙයි

ගෝල්ඩ් මාරි නිදහසේ රන් දරුවෝකම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර ඇති සුවිසල් වැඩසටහනෙහි දෙවන පියවර යටතේ උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් 6ක දරුවන් හය දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි මූල්‍ය පහසුකම් හා එම පවුල්වල ආර්ථික දියුණුව සඳහා අවැසි ශක්තිය ලබා දීමට කටයුතු කරන ලදී.

එහිදී තෝරාගත් දරුවන් 6 දෙනෙකුගේ පවුල් 6ක්  අතුරින් දරුවන් දෙදෙනෙකුගේ පවුල්වලට ගොවිතැන මූලික කොටගත් ආර්ථිකයක් වෙනුවෙන් කෘෂි උපකරණ හා අනෙකුත් පහසුකම් (වතුර මෝටර් හා බට, කෘෂි දියර ඉසින යන්ත්‍ර,තණකොළ කපන යන්ත්‍ර) ලබා දීමට කටයුතු කළ නිදහසේ රන් දරුවෝතවත් පවුල් 2ක් වෙත මහන මැෂින් 2ක් ලබා දීමටද කටයුතු කරන ලදී. තවත් එක් පවුලකට දියර කිරි නිෂ්පාදනය වෙනුවෙන් කිරි එළදෙනක් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා උපකරණ මෙන්ම තවත් පවුලක් වෙත බිත්තර ව්‍යාපාරය සඳහා කුකුළු ගොවිපලක් හා බිත්තර පාලන යන්ත්‍රයක් ඇතුළු පහසුකම් සළසා දෙන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් එක් වූ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂානි පීරිස් මහත්මිය සඳහන් කර සිටියේ අද වන විට බොහෝ පවුල්වල ආර්ථික දුෂ්කරතාවයන් නිසා දරුවන් ළමා ශ්‍රමිකයින් බවට පත් වෙමින් තිබීම අවාසනාවට කරුණක්. අපි මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව මේ ආකාරයේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ඔවුන් ආර්ථික වශයෙන් ඔසවා තැබීමට කටයුතු කරනවා. එහි පළමු පියවර මීට පෙර දකුණු පළාතේ දරුවන් වෙනුවෙන් පැවැත්වීමට අපි කටයුතු කළා. මේ එහි දෙවැනි පියවරයි. ඉදිරියේදී දිවයිනේ අනෙකුත් පළාත්වලත් මෙවන් පවුල් හඳුනා ගනිමින් ඔවුන් වෙත අපගේ සහයෝගය ලබා දීමට අපි අපේක්ෂා කරනවායනුවෙන් පැවසීය.

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල සඳහා ඔබ මිලදී ගනු ලබන සෑම ග්‍රෑම් 80ක ගෝල්ඩ් මාරි බිස්කට් පැකට්ටුවක් තුළින්ම ශත 50ක මුදලක් වෙන් කරනු ලබයි. ඒ අනුව මැලිබන් ගෝල්ඩ් මාරි මිලදී ගනු ලබන සෑම පාරිභෝගිකයකුම මෙම සුවිසල් සමාජ සත්කාරයේ අභිමානවත් කොටස්කරුවකු බවට පත්වනු ලබයි. 2021 ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මැලිබන ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ පිහිටුවනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදලෙහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීමයි.

Views: 54