කැලනි ටයර්ස් පීඑල්සී වෙතින් රුපියල් 5.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලනි ටයර්ස් පීඑල්සී (TYRE.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5.00 බැගින් හිමිවන ලෙස  මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD  Date) දිනය ලෙස සැප්තැම්බර් 05 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කැලනි ටයර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කැලනි ටයර්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 57.10ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 58.00ට සාපේක්ෂව ශත 90ක එනම් 1.55%ක පහත වැටීමකි.

Visits: 94