හරිස්චන්ද්‍ර මිල්ස් වෙතින් කොටසකට රුපියල් 30.00 බැගින් ලාභාංශ ගෙවිමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී (HARI.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 30.00 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව බව පවසා සිටියි.
මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.
මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ප්‍රකාශයට පත් කර නැති අතර, අදාළ ලාභාංශ ගෙවීමේ යෝජනාව සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම පවසයි.

Hits: 68