ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා රක්ෂණ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට
ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් සිය ගුවන් යානා සඳහා ලබා ගන්නා රක්ෂණාවරණ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත පිරිනැමීමට තීරණය කර ඇතැයි කැබිනට් මණ්ඩලය පවසයි.
මෙම රක්ෂණාවරණ කාණ්ඩ 04ක් යටතේ රක්ෂණ සේවා ලබා ගැනීම සිදු කරනු ලබයි.
ඊයේ දිනයේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ සමාගම් වෙතින් සීමිත ජාතික තරගකාරී ලංසු කැඳවීමක් යටතේ මේ සඳහා සුදුසු සමාගම තෝරා ගැනීම සිදුව තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.

Hits: 93