‘Ultimate Zero’ මූල්‍ය විසඳුම හරහා දැන් පහසුවෙන්ම Prime Grand, Ward Place හි හිමිකරුවකු වන්න

ප්‍රයිම් සමූහයේ තවත් විශිෂ්ට ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන The Grand, Ward Place හි වටිනා නිවසක හිමිකරුවකු වීමේ සිහිනය ඉතා ඉක්මනින් සැබෑ කරදීමේ අරමුණින්, Prime Lands Residencies PLC සමාගම, හැටන් නැෂනල් බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.

මෙම අවබෝධතා ගිවිසුම හරහා, නුදුරේදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත අධි සුඛෝපභෝගී The Grand නිවාස සංකීර්ණයේන් නිවාස මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන පාරිභෝගිකයින් වෙත නම්‍යශීලි මෙන්ම ලාභදායී ගෙවීම් ආකෘතියක් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ලිපිනයක් වන කොළඹ 7 යන ලිපිනයේ නිවසක් හිමිකර ගැනීමට උදාවන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම ප්‍රයිම් ග්‍රෑන්ඩ් අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණය හැඳින්විය හැකිය. HNB හා සහයෝගයන් නිර්මාණය කෙරුණු මෙම ‘Ultimate Zero’ නවතම මුල්‍යකරණ විසඳුම හරහා දැන් අනාගත ආයෝජකයින්ට වඩාත් පහසුවෙන් හා කඩිනමින්, ඒකක මිලෙන් 25%ක මූලික ගෙවීමක් සිදු කර මෙම ව්‍යාපෘතියේ නිවසක හිමිකරු වීමේ වටිනා අවස්ථාව හිමිවේ.

තවද, මෙම අගයන් සම්පුර්ණයෙන්ම VAT බද්දෙන් තොර වන අතර, පළමු වසර තුළ කිසිඳු පොලී ප්‍රතිශතයක් අය නොකෙරේ. එමෙන්ම අදාළ නිවෙස් භාර දීමෙන් පසුව වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වන පරිදි කිසිඳු කළමනාකරණ ගාස්තුවක් පාරිභෝගිකයාගෙන් අය කරනු නොලැබීම විශේෂ වේ.

මුල් වසර තුළ කිසිඳු වාරික ගෙවීමකින් තොරව, මූලික ගාස්තු වශයෙන් නිවසේ වටිනාකමින් 25% ක් පමණක් ගෙවමින්, සිය මූල්‍ය තත්වය කළමනාකරණය කර ගනිමින් නිවසක හිමිකාරිත්වය ලබා ගැනීමට හිමිවන වඩාත් වටිනා අවස්ථාවක් ලෙස මෙම විසඳුම හඳුන්වා දිය හැකිය.

තවද, The Prime – HNB ‘Ultimate Zero’ නවතම මූල්‍ය විසඳුම හරහා, වසර 25ක ගෙවීම් කාලයකට යටත්ව, වඩාත් සහනදායී පොලී අනුපාත, නම්‍යශීලී ගෙවීම් ක්‍රම, කලින් පියවීම සඳහා වන සහන සහ වසර 5ක් දක්වා ලබාදෙන ණය සහන කාල සීමාවන් ඇතුළු සහන රැසක් අත් විඳීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවේ.

“කොළඹ 07 ප්‍රදේශයේ ඉදිකෙරෙන සුවිසල් The Grand අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවසක හිමිකරුවකු වීමේ සිහිනය යථාර්තයක් බවට පත් කරමින්, පවතින ආර්ථික අර්බුධකාරී තත්ත්වය හමුවේ අප පාරිභෝගිකයින්ට සහනයක් වීමේ අරමුණින්, මෙම මූල්‍ය විසඳුම හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වෙනවා. මෙම විසඳුම හරහා අප පාරිභෝගිකයින්ට වර්තමාන වෙළඳ පොළ මිල ගණන් වලට යටත්ව නිවසක හිමිකාරීත්වය ලබාගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නුදුරේදීම අවසන් වීමට අසන්න අතර, Ultimate Zero හරහා දැන් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආයෝජනයන් වඩාත් පහසුවෙන්, සිතැඟි පරිදි සිදුකර ගැනීමේ අවස්ථාව උදාකර දී තියෙනවා.” ප්‍රයිම් සමූහයේ විධායක අධ්‍යක්ෂ ෂෙහානා බ්‍රාහ්මණගේ පවසා සිටියි.

නිර්මාණශීලීත්වය, අභ්‍යන්තර නිමාව සහ ලිපිනයෙහි සුවිශේෂී බව යන කරුණු නිසා ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෝඩ් පෙදෙස අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සුවිශේෂි වේ. ඉහළ පෙළේ සුපිරි ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම් වලින් එය සමන්විත අතර, පරිසරය නැරඹීමේ හැකියාව මෙන්ම පෞද්ගලිකත්වය අතින් ප්‍රමුඛ තැනක් ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෙත හිමිවෙයි.

මෙම අද්විතීය මූල්‍ය විසඳුම පිළිබඳ අදහස් දක්වමින්, හැටන් නැෂනල් බැංකුවේ පුද්ගලික මුල්‍ය සේවා අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී කාංචන කරුණාගම මහතා මෙලෙස පවසා සිටියි. “The Grand, Ward Place හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන ආයෝජකයින් වෙනුවෙන්, ‘Ultimate Zero’ ආකෘතිය යටතේ ආකර්ෂණීය සහන පිරිනැමීමට Prime Group සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. මෙම මූල්‍ය විසඳුමේ වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ අතර, පළමු වසර තුළ ක්‍රියාත්මක ශුන්‍ය පොලී සැලැස්ම හඳුන්වා දිය හැකියි. මේ හරහා, ගැනුම්කරුගේ මුදල් ප්‍රවාහය සමඟ ආයෝජන නිසි ආකාරයෙන් පෙළගස්වා අවම මූලික ගෙවීමකින් ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාවක් හිමි වනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර, සතියේ දින 7ම පුරාවටම, +94 702 777 777 අමතා ලබාගත හැකි අතර, පෙර දැනුම් දීමකින් පසු, The Grand හි Display Suite වෙත පිවිසීමෙන් ද ලබාගත හැකිය.

Views: 65