ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සීගිරියේ සංචාරයක
තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් පසුගියදා සීගිරියේ සංචාරයක නිරත විය.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරියේ සිදුකළ මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කර තිබේ.
මෙහිදී කණ්ඩායම් දෙකේම සාමාජිකාවන් වෙත සීගිරිය පිළිබඳව දැනුවත් කිරීම්ද සිදු කරන්නට සංචාරක මණ්ඩලයේ නිලධාරීන් කටයුතු යොදා තිබේ.






Hits: 45