ඇලුමෙක්ස් පීඑල්සී ශත 25 බැගින් ලාභාංශ ගෙවීමක
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇලුමෙක්ස් පීඑල්සී (ALUM.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 25ක් බැගින් ලාභාංශ ගෙවන බව ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙය පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 12 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 30 වැනිදා නම් කෙරී තිබේ.
මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇතැයිද ඇලුමෙක්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
ඒ අනුව ඊට අදාළව මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදන බවත් සමාගම පවසයි.

Hits: 64