ICRA Lanka ආයතනය විසින් Prime සමූහයේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම [SL] A (Stable) වෙත ඉහළ නංවයි

ICRA Lanka ආයතනය විසින් [SL] A (Stable) වෙත Prime Lands (පෞ) සමාගම හා Prime Lands Residencies PLC සමාගම්වල ශ්‍රේණිගත කිරීම් තව දුරටත් ඉහළ නංවා ඇතැයි පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙම ශ්‍රේණිගත කිරීම් ලැබූ පළමු සහ විශාලතම ඉඩම් හා දේපොළ වෙළඳාම් සමූහය බවට Prime සමූහය පත්ව තිබේ.
මෙම ඉහළ නැංවීම පිළිබඳව ICRA Lanka ආයතනය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේ සඳහන් කොට ඇත. “සීමාසහිත ICRA Lanka සමාගමේ ශ්‍රේණිගත කිරීම් කමිටුව විසින් ඔබ සමාගමේ නවතම මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, ඔබ සමාගමට නිකුත් කොට ඇති ශ්‍රේණිගත කිරීම [SL] A- (Stable) සිට [SL] A (Stable) ලෙස සංශෝධිත කොට ඇත. මෙවන් ශ්‍රේණිගත කිරීමක් ඇති ආයතනයන් හට තමන්ගේ මූල්‍ය බැඳීම් කාලීනව පියවීම පිළිබඳව ප්‍රමාණවත් ආරක්ෂිතභාවයක් ඇති බවට සැලකේ. එවන් ආයතනයන් වල ණය අවදානම පහළ මට්ටමක පවතී. ශ්‍රේණිගත කිරීමෙන් දැක්වෙන්නේ ශ්‍රේණිගත කොට ඇති ආයතනය පිළිබඳ සාමාන්‍ය ණය ලබාගැනීමේ යෝග්‍යතාව මිස කිසියම් විශේෂිත ණයක් පිළිබඳව නොවේ.”

මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් Prime සමූහයේ සභාපති, බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා මෙසේ පැවසුවේය, “මෙයින් දැක්වෙන්නේ අප සමූහයේ ස්ථාවරත්වයත්, අප ගනුදෙනුකරුවන් වෙත අපගේ වගකීම් ඉටුකිරීම සඳහා අපගේ කැපවීමත්. මෙය අප සමාගම්වල මූල්‍ය කටයුතු හා මෙහෙයුම්වල ස්ථාවරත්වය පිළිබඳ ප්‍රබල සහතිකයක් වන අතර, සමූහයේ සමාගම්වල පුරෝකථනය කරන ලද හා ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ස්ථාවරත්වය පිළිබිඹු කරයි. අපගේ පාර්ශවකරුවන් විසින් අප වෙත තබා ඇති විශ්වාසය වැඩි දියුණු කිරීම පිණිස අපට ඉදිරිපත් කළ හැකි හොඳම සහතිකය මෙයයි. පසුගිය වසර 26ක් පුරා මෙම ශක්තිය ඉතා සාර්ථක ලෙස ගොඩනැගෙමින් පවතිනවා.”

LMD සඟරාවේ Brand Finance නවතම වාර්ෂික සන්නාම මාර්ගෝපදේශකයේ වඩාත්ම වටිනා ඉඩම් හා දේපොළ වෙළඳාම් සන්නාමය ලෙස Prime Lands Residencies PLC සමාගම නම් කොට තිබෙන අතර, ඉඩම් හා දේපොළ වෙළඳාම් ආයතනයන් අතරින් වඩාත්ම ගෞරවයට පාත්‍රවූ ආයතනය ලෙස වසර සතරක් සම්මාන ලබා ඇත. PropertyGuru Asia Property Awards ආයතනයෙන්ද වසර දෙකක් පුරා Prime සමූහය ශ්‍රී ලංකාවේ හොඳම ඉඩම් හා දේපොළ වෙළඳාම් සමාගම ලෙස සම්මාන ලබා ඇත. සය වසරක් පුරා Great Place to Work සම්මානය ලැබීම තුළින් පිළිබිඹු වන්නේ Prime සන්නාමයෙන් සංකේතවත් කරන Prime සමූහයේ සේවකයින් විසින් ලබා දෙන විශිෂ්ඨ සේවාවයි. එමෙන්ම, Prime සමූහය පිට පිට වසර දෙකක් පුරා වැඩිම පිදුම් ලැබූ ඉඩම් හා දේපොළ වෙළඳාම් සමාගම ද වේ.
අදට, රට පුරා විශාලතම ඉඩම් සංචිතය හිමි ඉඩම් හා දේපොළ වෙළඳාම් සමාගම ලෙස දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි ඉඩම් ප්‍රමාණයක් ද, මහල් නිවාස හා නිවාස ව්‍යාපෘති ගණනාවක් ද, දිවයින පුරා පිහිටා ඇත.

“මෙවන් කීර්තිමත් ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් අපගේ ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව ලබා දෙන ශ්‍රේණිගත කිරීම් හා සම්මාන තූළින් පිළිබිඹු වන්නේ අප විසින් සියළු ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපෘති සඳහා පවත්වා ගෙන යන උසස් තත්වයන් හා අප විසින් දරන දැඩි ශ්‍රමය හා කැපවීමයි. අප ලබා ඇති හොඳම සම්මානය අප ආරම්භ කළ සියළු ව්‍යාපෘති කාලීනව සහ උසස් තත්වයන්ගෙන් නිමකිරීම පිළිබඳව අපගේ ගනුදෙනුකරුවන් ලබන සතුටයි.”

“ICRA Lanka ආයතනය විසින් ලබා දුන් රටේ ඉහළම ණය ශ්‍රේණිගත කිරීම ලැබූ ඉඩම් හා දේපොළ වෙළඳාම් සමාගම ලෙස අපගේ සාර්ථකත්වය රඳා පවතින්නේ අප අනුගමනය කරන මූල්‍ය විනය මතයි. ඒ හේතුවෙන්, මෙම ශ්‍රේණිගත කිරීම අපගේ පාර්ශවකරුවන් සියල්ලන්ටම අති විශේෂයි,” යනුවෙන් ද, බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා පවසා සිටියේය.

Visits: 106