CIC හෝල්ඩිංග්ස් වෙතින් ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් සඳහා රුපියල් 1ක බැගින් ලාභාංශ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් (CIC.N0000) සඳහා මෙන්ම නිෂ්ඡන්ද කොටසක් සඳහාම (CIC.X0000) රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව CIC හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 22 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 01 වැනිදා නම් කෙරී ඇත.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව පවතින බවත් CIC හෝල්ඩිංග්ස් සමාගම පවසයි.

Views: 54